
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් ප්‍රදර්ශනය කිරීමට වගකිව යුතු සුරාබදු නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස සුරාබදු වෘත්තීය සමිති එකමුතුව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටී.
මෙම ස්ටිකර් සඳහා ටෙන්ඩරය ලබා දී ඇති ඉන්දීය සමාගම සහ එම සමාගම ආරක්ෂා කරන සුරාබදු නිලධාරීන් කණ්ඩායම මෙම ගැටළුව සම්බන්ධයෙන් වගකීම භාරගත යුතු බවත්, එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව ඔවුන් සෑහීමකට පත් නොවන බවත්, සුරාබදු වෘත්තීය සමිති එකතුව ඊයේ (31) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදුකරන නිලධාරීන්ට අදාළ ඉන්දීය සමාගමේ දුර්වලතා හේතුවෙන් ගැටලු රැසකට මුහුණ දීමට සිදුව ඇති බවත්, එසේ තිබියදීත් අදාළ විමර්ශන කඩිනමින් සිදුකිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය පහසුකම් සපයා නොමැති බවත්, ඔවුන් සඳහන් කර ඇත.
මෙම ස්ටිකර් නිෂ්පාදනය සඳහා ටෙන්ඩරය ලබා ගත් ඉන්දීය සමාගම අක්‍රමිකතා රැසක් සිදු කර රටවල් කිහිපයක අසාදු ලේඛනගත කර ඇති සමාගමක් බවට අනාවරණය වී ඇතැයි වෘත්තීය සමිතිය පවසයි.
කෙසේ වෙතත්, මෙම ව්‍යාජ ස්ටිකර් අලවා මත්පැන් බෝතල් අලෙවි කළ නිෂ්පාදකයන්ගේ බලපත්‍ර අවලංගු කර ඇති බවත්, එම බෝතල් අලෙවි කළ පුද්ගලයන්ට සහ සමාගම්වලට එරෙහිව පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා තමාට පෞද්ගලිකව උපදෙස් දී ඇති බවත්, සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ සඳහන් කරයි.
දීප ව්‍යාප්ත විමර්ශනවලදී ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් 25,000ක් පමණ සොයාගෙන ඇති බවත්, එම නිසා එම පරීක්ෂණවලදී දෙපාර්තමේන්තු නිලධාරීන් එවැනි කටයුතුවලට සම්බන්ධ බවට අනාවරණය වුවහොත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත්, සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart