
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාව සහ පාකිස්ථානය අතර පල්ලෙකැලේදී පැවැති තරගයට වර්ෂාව නිසා බාධා එල්ලවීමෙන් පසු, 2023 ආසියානු කුසලානයේ තරග ශ්රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් පාකිස්ථාන ක්රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති නජාම් සේති ආසියානු ක්රිකට් කවුන්සිලයට දෝෂාරෝපණය කර ඇත.
තරගාවලියේ තුන්වැනි තරගයේදී ක්රීඩා කිරීමට හැකි වූයේ එක් ඉනිමක් පමණක්වන අතර, ඉන්දියාව ඕවර 48.5කදී ලකුණු 266කට දැවී ගිය පසු, පාකිස්ථාන කණ්ඩායමට ඔවුන්ගේ හඹායාම ආරම්භ කිරීමට වර්ෂාව බාධා විය.
තමන් ආසියානු ක්රිකට් කවුන්සිලය වෙතින් තරග ඩුබායිහි ක්රීඩා කරන ලෙස ඉල්ලා සිටියද, ඩුබායිහි උෂ්ණත්වය ඉහළ බව ආසියානු ක්රිකට් කවුන්සිලය කියූ බව සභාපතිවරයා සඳහන් කරයි.
මෙම තරගාවලිය ප්රථමයෙන් 2022 දී පාකිස්ථානයේ පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, පසුව එය 2023 වසර සඳහා ප්රමාද කරනු ලැබීය.
කෙසේ වෙතත්, ඉන්දියානු කණ්ඩායම පාකිස්ථානයට යෑම ප්රතික්ෂේප කර ඇති අතර, එය මාස කිහිපයක බාධාවකට තුඩු දුන්න්නේය.
අවසානයේ තරගාවලිය තරග පකිස්ථානයේදී සහ ශ්රී ලංකාවේදී දෙමුහුන් ආකාරයෙන් පැවැත්වීමට තීරණය කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart