
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගිලී ගිය එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාවේ රක්‍ෂණ සමාගම විසින් ඉදිරිපත් කරන ලද ඩොලර් 878,000ක (රුපියල් මිලියන 285) අතුරු වන්දිය ශ්‍රී ලංකා රජය පිළිගත්තේ දැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ (MEPA) හිටපු සභාපතිනි දර්ශනී ලහඳපුර ඊයේ (30) විමසා සිටියාය.
බහාලුම් 1486කට අධික ප්‍රමාණයක් රැගත් මෙම නෞකාව 2021 ජුනි මස මුල දී කොළඹ වරාය ආසන්නයේ මුහුදුබත් වූවේ මෙරට මුහුදේ විශාලතම සමුද්‍ර ව්‍යසනය සනිටුහන් කරමිනි.
රුපියල් මිලියන 16ක අතිරේක ගෙවීමක් සමග රක්ෂණකරුවන් විසින් එම මුදල ලබාදුන් බවට අධිකරණ ඇමැති ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ සිදු කර තිබූ ප්‍රකාශය පිළිබඳ නීතිපති සංජය රාජරත්නම් පැහැදිලි කිරීමක් කළයුතු බව එම ව්‍යසනය සිදුවන අවස්ථාවේ MEPAහි සභාපති ලෙස කටයුතු කළ ලහදපුර පවසයි.
හිටපු MEPA සභාපතිනිය පෙන්වාදෙන්නේ, රක්ෂණකරුවන් විසින් ඉදිරිපත් කරන ලද දීමනාව ශ්‍රී ලංකාවේ වන්දි තක්සේරුව වන ඩොලර් බිලියන 6.2 ක හිමිකම් පෑම සමඟ සැසඳිය යුතු බවයි.
එක්ස්ප්‍රස් ප්ර්ල් සහ නිව් ඩයමන්ඩ් නෞකා ව්‍යසනයන් පිළිබඳ සොයාබලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ 14 දෙනකුගෙන් යුත් පාර්ලිමේන්තු කමිටුව මෙම ගැටලුව පිළිබඳව ද සොයාබැලිය යුතු බව ඇයගේ අදහසයි.
නැව් හිමියන්ට එරෙහිව ශ්‍රී ලංකාව පවරා ඇති නඩුව අඩපණ කිරීම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 250ක අල්ලසක් ලබා දුන් බවට අධිකරණ ඇමැතිවරයා කළ ප්‍රකාශය පිළිබඳ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සොයාබැලිය යුතු බව ද ඇය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart