October 11, 2023

150% කින් විදුලි ගාස්තු වැඩි කළද ඉන් ලබා ආදයම ලංකා විදුලි බල මණ්ඩලයේ මුදල් අවශ්‍යතාව පියවා ගැනීමට හෝ මේ වසරේ විවධ ණයකරුවන්ට ගෙවිය යුතු පොළිය ආවරණය කිරීමට හෝ ප්‍රමාණවත් නොවන බව ෆිච් රේටින්ග්ස් ආයතනය අනාවරණය කරයි.

මෙම වසර තුළ ජල විදුලි උත්පාදනය අඩුවීම හේතුවෙන්, විදුලි හිඟය සපුරාලීම සඳහා වැඩි පිරිවැයක් යටතේ හදිසි විදුලිය මිලදී ගැනීමට ලංවිමට සිදු වූ බව ෆිච් රේටින්ග්ස් ශ්‍රේණිගත කිරීමේ ආයතන නිකුත් කළ වාර්තාවක සදහන් වේ.

ශ්‍රී ලංකාවේ ඒකාධිකාරී විදුලි බෙදාහරින්නා වන ලංකා විදුලි බල මණ්ඩලය රටේ බලශක්ති උත්පාදනයෙන් 75% ක් පමණ නිෂ්පාදනය කර බෙදාහරියි.

2023 අවසානය වන විට ලංවිම මත ඇති බර ලිහිල් කිරීම සඳහා ඛනිජ තෙල් සංස්ථාවට සහ අනුකුත් පාර්ශ්වයන්ට ගෙවිය යුතු ණය මුදල්වලින් 70% ක් පවරා ගැනීමට රජය සැලසුම් කර ඇත.

මේ අතර විදුලි බල මණ්ඩලය විසින් නැවත වතාවක් විදුලි බිල ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් අවසර ඉල්ලා ඇත.