October 7, 2024

ශල්‍ය ලාම්පු 35ක් මිලදී ගැනීමේදී රජයට පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජෛව වෛද්‍ය ඉංජිනේරු අංශයට අනුයුක්ත ඉංජිනේරුවකුට අධිචෝදනා ගොනුකර තිබේ.

විත්තිකරුට එරෙහිව මෙලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දූෂණ චෝදනා යටතේ අධිචෝදනා ගොනුකර ඇත.

ටෙන්ඩර් පටිපාටියේ සිදුවූ දූෂණ හේතුවෙන් මෙම ශල්‍ය ලාම්පු මිලදී ගැනීමේදී රජයට පාඩුවක් සිදුව ඇති බව අධි චෝදනා පත්‍රයේ සඳහන් වේ.

අඩු මිල ලංසු නොසලළකා හැරීමට පියවර ගැනීම මෙයට හේතුවී තිබේ.

විත්තිකරුට අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස නියෝග කරමින් අධිකරණය නොතීසි නිකුත් කිරීමට නියමිතය.

42.31%
17.27%
32.76%