
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්ද විමසීම අද(26) උදෑසන 7.00ට ආරම්භ විය.
ඒ අනුව, අද(26) දිනයේ ඡන්ද දායකයන් පනස්පන් දහසක පිරිසක්, මධ්‍යස්ථාන 48 කදී ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.
මැතිවරණයට දේශපාලන පක්ෂ 8 ක් හා එක් ස්වාධීන කණ්ඩායමකින් අපේක්ෂකයෝ 279 දෙනෙක් එක්ව සිටිති.
ඒ ඇල්පිටිය ප්‍රාදේශිය සභාව සඳහා නියෝජිතයන් 28 දෙනෙකු තෝරාගැනීම වෙනුවෙනි.
ඡන්ද විමසීම අද(26) පෙරවරු 7 සිට පස්වරු 4.00 දක්වා සිදුකෙරෙන බව ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි ඩබ්ලිව්. ඒ. ධර්මසිරි සඳහන් කරයි.
හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඊට මුහුණදීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ද ඔහු සඳහන් කරයි.
මේ අතර මෙම මැතිවරණයේදී ඡන්දදායකයාගේ වම් අතෙහි මහපට ඇඟිල්ල උචිත ලකුණින් සලකුණු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
මැතිවරණ කොමිසම සඳහන් කළේ, ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමේදී ඡන්ද දායකයාගේ වම් අතෙහි සුළැඟිල්ල උචිත ලකුණින් සලකුණු කර ඇති බැවින් මතුවිය හැකි ගැටලු නිරාකරණය කිරීම සඳහා මෙම පියවර ගත් බවයි.
ඡන්දදායකයාගේ වම් අතෙහි මහපට ඇඟිල්ල නොමැති නම් ඔහුගේ දකුණු අතෙහි මහපට ඇඟිල්ල හෝ වෙන යම් ඇඟිල්ලක් උචිත ලකුණින් සලකුණු කිරීමට තීරණය කල බව ද මැතිවරණ කොමිසම සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart