
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවේ මුතූට් ෆිනෑන්ස් (Muthoot Finance Limited) සමාගමේ අනුබද්ධිත ආයතනයක් වන ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී (Asia Asset Finance PLC – AAF), 2026 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයේ පළමු අර්ධය සඳහා සුවිශේෂී මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කර තිබේ. ශක්තිමත් ලාභ වර්ධනය සහ වත්කම්වල ගුණාත්මකභාවය ඉහළ නැංවීමත් සමඟ, සිය මීළඟ ව්‍යාප්ති අදියර වෙනුවෙන් ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) ආයතනය මගින් ‘A+(EXP)(lka)’ ශ්‍රේණිගත කිරීම හිමිවූ රුපියල් බිලියන 2ක ජ්‍යෙෂ්ඨ සුරක්ෂිත නොකළ ණයකර නිකුතුවක් (Senior Unsecured Debenture Issue) සිදුකිරීමට සමාගම සූදානම් වේ.
සුවිශේෂී මූල්‍ය කාර්යසාධනය
2026 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ මාස හයක කාලය තුළ AAF සමාගම පසුගිය වසරේ එම කාලපරිච්ඡේදයේ වාර්තා කළ රුපියල් මිලියන 400ක බදු-පසු ලාභය (PAT) සමඟ සැසඳීමේදී, වාර්ෂිකව 110%ක කැපී පෙනෙන වර්ධනයක් සමඟින් රුපියල් මිලියන 838.5ක බදු පසු ලාභයක් වාර්තා කර ඇත. බදු-පෙර ලාභය (PBT) 140%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 1.62ක් වූ අතර, පොලී ආදායම වාර්ෂිකව 75%කින් වර්ධනය වෙමින් රුපියල් බිලියන 6.86ක් දක්වා ඉහළ ගොස් තිබේ. ශුද්ධ පොලී ආදායම 92%කින් වර්ධනය වී රුපියල් බිලියන 3.78ක් බවට පත්වීමත් සමඟ සමාගමේ වාර්ෂික හිමිකම් මත ප්‍රතිලාභය (ROE) 28.5%ක් දක්වා ඉහළ ගොස් ඇත.
සැලසුම්සහගත පිරිවැය පාලනය, වේගවත් ඩිජිටල්කරණය සහ ඉහළ ප්රතිලාභ ලබා දෙන ගුණාත්මක වත්කම් වෙත අරමුදල් නිසි පරිදි යෙදවීම මෙම සාර්ථක මෙහෙයුම් කාර්යසාධනයට හේතු වූ බව ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී හි ප්‍රධාන විධායක නිලධාරී රජීව් ගුණවර්ධන ප්‍රකාශ කළේය.
ශක්තිමත් ශේෂ පත්‍රය සහ ණය කළඹේ ගුණාත්මකභාවය
2026 මාර්තු 31 සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ AAF සමාගමේ මුළු වත්කම් 24%කින් වර්ධනය වී රුපියල් බිලියන 66.63ක් ලෙස සටහන් විය. සුරක්ෂිත ණය සඳහා පැවති ඉහළ ඉල්ලුම හේතුවෙන් ශුද්ධ ණය සහ අත්තිකාරම් රුපියල් බිලියන 51.88ක් දක්වා ළඟා වී ඇති අතර, සමාගමේ සමස්ත ණය කළඹෙන් 73%ක පමණ ප්‍රමාණයක් නියෝජනය කරමින් රන් ණය (Gold loans) තවදුරටත් සමාගමේ ණය උපායමාර්ගයේ ප්‍රධානතම ශක්තිය බවට පත්ව තිබේ.
පාරිභෝගික විශ්වාසය තහවුරු කරමින්, මාස හයක කාලය තුළ පාරිභෝගික තැන්පතු 37%ක වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියල් බිලියන 35.51ක් දක්වා ඉහළ ගොස් ඇත. රඳවාගත් ඉපැයීම් සහ සාර්ථකව නිම කළ රුපියල් බිලියන 1.50ක හිමිකම් නිකුතුව (Rights Issue) හේතුවෙන් කොටස් හිමියන්ගේ අරමුදල් 47%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 7.01ක් බවට පත්වීමත් සමඟ සමාගමේ ප්රාග්ධනය තවදුරටත් ශක්තිමත් වී තිබේ. මේ අතර, පසුගිය වසරේ 9.4%ක්ව පැවති දළ අක්‍රීය ණය අනුපාතය (Gross NPL ratio) 7.6% දක්වා අඩු කර ගනිමින් වත්කම්වල ගුණාත්මකභාවය සැලකිය යුතු ලෙස ඉහළ නංවා ගැනීමට ද සමාගම සමත් වී ඇත.
දිවයින පුරා විහිදුණු ශාඛා 125ක ජාලයක් සමඟින් AAF සමාගම මූල්‍ය අන්තර්ගතභාවය (Financial inclusion) ප්‍රවර්ධනය කරමින් සිටින අතර, එහි සක්‍රීය පාරිභෝගික පදනමෙන් 56.6%ක් කාන්තාවන් වීම විශේෂත්වයකි.
ණය ව්‍යාප්තිය සඳහා රු. බිලියන 2ක ණයකර නිකුතුවක්
සිය ණය කළඹ අඛණ්ඩව පුළුල් කිරීම සඳහා සහාය වීමේ අරමුණින්, කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කිරීමට නියමිත පස් අවුරුදු ජ්‍යෙෂ්ඨ සුරක්ෂිත නොකළ ණයකර හරහා රුපියල් බිලියන 2ක් දක්වා අරමුදල් රැස් කිරීමට AAF සමාගම සැලසුම් කරයි.
AAF සමාගම සතු ස්ථාවර ඉදිරි දැක්මක් සහිත ‘A+(lka)’ ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීමට අනුකූලව, මෙම යෝජිත ණයකර නිකුතුව සඳහා ෆිච් රේටින්ග්ස් ආයතනය විසින් ‘A+(EXP)(lka)’ අපේක්ෂිත ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම ලබා දී ඇත. ෆිච් ආයතනයට අනුව, මෙම ශ්‍රේණිගත කිරීම මගින් සමාගමේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ සුරක්ෂිත නොකළ ණයහිමියන්ගේ හිමිකම් සමඟ සමාන තත්ත්වයක් පිළිබිඹු කරන අතර, සමාගමේ 78.4%ක කොටස් හිමිකාරිත්වය දරන ඉන්දියාවේ විශාලතම රන් ණය සපයන්නා වන මුතූට් ෆිනෑන්ස් (Muthoot Finance Ltd) මව් සමාගමෙන් ලැබෙන සුවිශේෂී සහයෝගය ද ඊට ඉවහල් වී තිබේ.
ඉහළ ලාභදායීතාවය, ශක්තිමත් ප්‍රාග්ධන සංචිත සහ ප්‍රබල මව් සමාගමක රැකවරණය සමඟින්, සිය පාරිභෝගිකයින්ට, කොටස් හිමියන්ට සහ ශ්‍රී ලංකාවේ සමස්ත මූල්‍ය ක්ෂේත්රයට තිරසාර දිගුකාලීන වටිනාකමක් ලබා දීමට ඒෂියා ඇසට් ෆිනෑන්ස් සමාගම උපායමාර්ගිකව ස්ථානගත වී සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart