
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොළොන්නරුව මාදුරුඔය ඉසඩ් ඩී ප්‍රධාන ඇළට පිඹුරත්තෑව ප්‍රදේශයෙන් වැටී සිටි වන අලියකු පැය 11ක මෙහෙයුමකින් පසු බේරාගත් බව පිඹුරත්තෑව වනජීවි නිලධාරිහු පවසති.
මෙම වනඅලියා ඉසඩ් ඩී ඇළට වැටී කිලෝමීටර් 20ක පමණ දුරක් ජලයේ සැඩ පහරට ගසාගෙන යද්දී මෙම මෙහෙයුම සිදුකර අරලංගවිල මැදලම ප්‍රදේශයෙන් අලියා බේරාගෙන ගොඩට ගත් බවත්, පසුව වෙහෙරගම රක්ෂිතයට පලවාහැරි බවත් වනජීවි නිලධාරීහු පවසති.
බීමට ජලය සොයා පැමිණි එම වනඅලියා ගොඩට ගැනීම සඳහා අරලගංවිල පොලීසිය සහ ප්‍රදේශවාසීන්ගේ ද සහාය ලැබුණු බවත්, එම අලියාගේ වයස අවුරුදු හතළිහක් පමණ වන බවත් පිඹුරත්තෑව සහකාර අඩවි ආරක්ෂක, එස්.ඒ. වික්‍රමරත්න මහතා අප කළ විමසීමකදී පැවසීය.
මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ සිට බීමට ජලය සොයා පැමිණීමේදී එම අලියා ඉසඩ් ඩී ප්‍රධාන ඇළට වැටී ඇති බවට සැකකරන බවද ඒ ඔහු කීය. ඉසැඩ් ඩී ඇළට වැටුණු වනඅලියා කොන්ක්‍රීට් බෝක්කු අතරින් අවස්ථා කිහිපයකදීම ඇද වැටී ඇති අතර ගොඩගත් එම අලියාගේ ශරීරයේ වෙඩිවැදුණු ලකුණු කීපයක් දක්නට තිබුණු බවත් වනජීවී නිලධාරීහු පවසති.
මීට පෙර අවස්ථා කීහිපයකදීම වසර ගණනාවක් ඉසඩ් ඩී ප්‍රධාන ඇළට වනඅලි වැටී ජලයේ සැඩපහරට ගසාගෙන ගොස් ඇත. එම වනඅලි ගොඩ ගැනීමට වනජීවි නිලධාරීන්ට කාලය, ධනය, ශ්‍රමය, විශාල වශයෙන් වැය කිරීමට සිදුවන බවද ප්‍රදේශවාසීහු සඳහන් කරති.
වනඅලි වැටීමෙන් පසු එම කොන්ක්‍රීට් ඇළෙන් අලින්ට ගොඩයෑම සඳහා කොන්ක්‍රීට් පඩිපෙළ සකසන්නේ නම් වනජීවී නිලධාරීන්ට ඉතාමත් පහසුවක් වනවා සේම වනඅලින්ට ද එමඟින් සිදු වන හානි අවම වන බවත් වනඅලින්ට ඉතා ඉක්මණින් ගොඩයෑමේ හැකියාව තිබෙන බවද ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතයන් සහ සිවිල් ක්‍රියාකාරීහු පවසති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart