
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මියන්මාරයේ සයිබර් වහල් කඳවුරක බලහත්කාරයෙන් රඳවා සිටි ශ්‍රී ලාංකිකයන් අටදෙනකු මුදාගෙන ඇති බවට වාර්තා පළ වී ඇතැයි මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා පවසයි.
මියන්මාරයේ තායිලන්ත දේශසීමාව ආසන්නයේ පිහිටි එරට පාතාල කණ්ඩායම් විසින් පාලනය කරන සයිබර් අපරාධ සිදුකර මුදල් ඉපැයීමේ මධ්‍යස්ථාන 03ක ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 56 දෙනකු සිරකරගෙන සිටින බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබේ.
මෙහිදී අනාවරණය වූයේ මියන්මාරයේ පමණක් නොව කාම්බෝජය, තායිලන්තය සහ ලාඕසය යන රටවලද මෙවැනි වහල් කඳවුරු ක්‍රියාත්මක වන බවයි.
මෙම රටවල පරිගණක ක්ෂේත්රයට අදාළ ඉහළ වැටුප් සහිත රැකියා ලබාදෙන බව කියමින් මෙරට තරුණ තරුණියන් රවටා මෙම සංවිධානාත්මක කණ්ඩායම් විසින් මොවුන් එම රටවල පාතාල කණ්ඩායම්වලට ඉහළ මිල ගණන් වලට අලෙවිකර ඇති බව මේ වනවිට හෙළිවී ඇත.
මියන්මාරයේ සයිබර් අපරාධ වහල් කඳවුරුවලට ශ්‍රී ලාංකික තරුණ තරුණියන් විකිණූ ජාවාරමේ මෙරට ප්‍රධානියා ලෙස සැළකෙන චීන ජාතිකයා ඇතුළු සිව්දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart