
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පැවැති ආණ්ඩුව යටතේ ආර්ථික පසුබෑමට හේතුව කොව්ඩ් වසංගතය පමණක් නොව, ඊට යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ද හේතු වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කරන ලද්දේ ඊයේ (04) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම ආසන සම්මේලනය අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවැසීය.
”ආර්ථිකය වැටෙන්න පටන් ගත්තෙ කොවිඩ්වලින් විතරක් නෙවෙයි, යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්තිත් එක්ක. යහපාලන ආණ්ඩුවෙන් විදුලි උත්පාදනය නැවැත්තුවා. සාම්පූර් බලාගාරය, උමාඔය බලාගාරය නැවැත්තුවා. ඒ එක කොට්ඨාශයක් තවත් දේශපාලන පක්ෂයකට චෝදනා කරනවා. ඒ අය උසාවි ගියා කියලා. තවත් දේශපාලන කොට්ඨාශයක් තවත් කණ්ඩායමකට චෝදනා කරනවා. අවසානයේ රටේ ජනතාවට විදුලිය නැතිවෙන්න පටන් ගත්තා. ඒ බර කඩන් වැටුණෙ ගෝඨාභය මහත්තයාගේ කර උඩට.
තෙල් පෝලිම් ඇතිවුණා. විදුලි උත්පාදනය කරන්න වැඩිපුර තෙල් පාවිච්චි කරන්න සිදුවුණා. ඒ නිසා වියදම වැඩිවුණා. අවසානයේ තෙල් පෝලිමක් ආවා. අපි පිළිගන්නවා, ආණ්ඩුවක් පිහිටෙව්වම ඒ ආණ්ඩුව තුළ විවේචනය කර කර ඉඳලා පලක් වෙන්නෙ නෑ. අපි පිළිතුරු හොයන්න ඕනි. ඒ පිළිතුරු හොයන්න තමයි අපි ආණ්ඩුවක් හදන්නෙ. අපි ඒ නිසා වැඩපිළිවෙලවල් ආරම්භ කළා.
විදුලි බලාගාර හදන්න අපි ආයෝජකයො ගෙනාවා. හැබැයි අපිට කාලයක් තිබ්බෙ නෑ. අරගලයත් එක්ක ඒ සේරම නතර වුණා. අපිට වැඩපිළිවෙලක් තියෙනවා. මේ රටේ අම්මා තාත්තගෙ දරුවට හොඳ ආදායමක් අරගෙන හොඳට ජීවත්වෙන්න පුළුවන් පරිසරයක් හදන්න. අපිට වැඩපිළිවෙලක් තියෙනවා ඔබේ දරුවට ජාතික වගේම ජාත්‍යන්තර රැකියා වෙළඳපොළ තුළ රැකියාවන් කරන්න පුළුවන් අධ්‍යාපනයක් දෙන්න. මහින්දෝදය විද්‍යාගාර අපි ආරම්භ කළා. ඒක අද පාවිච්චි වෙන්නෙ නෑ”.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart