
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රටපුරා පිහිටි ඛනිජ තෙල් සංස්ථාවට අයත් සිපෙට්කෝ ඉන්ධනහල්වලින් සියයට හතළිහක් පමණ ඉන්ධන නොමැතිවීම නිසා ඊයේ (07) වසාදැමීමට සිදුවූ බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.
මීට හේතුවී ඇත්තේ පෙරවරු 10.00ට පෙර සංස්ථා ගිණුමට, ඇණවුමට අදාළ සම්පූර්ණ මුදල බැරකළ යුතු බවට නව නීතියක් දැමීම යැයිද එම සංගමයේ ප්‍රකාශකයෙක් සඳහන් කරයි.
බැංකු විවෘත කළ පසු පැයක් එකමාරක් වැනි කාලයක් තුළ මුදල් ගිණුම්ගත කිරීමට නොහැකිවීම නිසා ඉන්ධනහල්වලට අදාළ ඇණවුම් නොලැබී ගිය බවද එම නිලධාරියා පවසයි.
මීට පෙරාතුව, පසුව ගෙවන පදනම මත සංස්ථාව ඉන්ධන නිකුත් කළ බවත්, ඊට පසුව අත්පිට මුදලට ඇණවුම් ලබාගැනීමට සිදුවූ බවත්, ඔහු කියයි.
මේ වනවිට තවත් අලුත් කොන්දේසියක් දැමීම නිසා සිපෙට්කෝ ඉන්ධනහල්වලට ඇණවුම් ලබාගත නොහැකි තත්ත්වයක් ඇතිවී ඇත.
ඉන්දියන් තෙල් සමාගමට ඉන්ධන හල් දෙසීය අසූවක්ද, චීන සිනොපෙක් සමාගමට ඉන්ධනහල් එකසිය පනහක්ද හිමිව ඇති අතර, ඔවුනට පසුව ගෙවන පදනම මත ඉන්ධන ඇණවුම් ලැබේ.
සිපෙට්කෝ ඉන්ධනහල් වසාදැමීම සැලසුමක් බවටද එම නිලධාරියා චෝදනා කරයි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart