
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සහ මනුෂ්‍ය ඝාතන මෙහෙයවන බව කියන ජිලේ නමැත්තාගේ සොහොයුරා ඇතුළු තිදෙනකු බියගම පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මුල්ලේරියාව සහ අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වේ.
නිවාඩු නිකේතනයක් පවත්වාගෙන යන මුවාවෙන් බියගම ප්‍රදේශයේ සැඟව සිටින බවට බියගම පොලිස් ස්ථානාධිපතිට ලද තොරතුරක් මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.
සැකකරුවන් සතුව තිබී විදෙස් රටක නිෂ්පාදිත අත්බෝම්බයක්, හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් හත්සිය විස්සක් සහ අයිස් මිලිග්‍රෑම් හතලියක් ද හමුවූ බව පැවැසේ.
මෙම මත්ද්‍රව්‍ය ජාලයේ තවත් සාමාජිකයන් කිහිපදෙනකු මීට සති කීපයකට ඉහතදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart