
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගංවතුර තත්ත්වය හමුවේ මගීන් 68 දෙනකුගේ ජීවිත අවදානමට ලක්කරමින් මගී බස් රථයක් ජල පහර හරහා අනුරාධපුර–පුත්තලම මාර්ගයේ ධාවනය කළ බස් රථ රියැදුරා මිනීමැරීමට තැත්කිරීමේ චෝදනාව මත රාජාංගණය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
එන්.ඩී.ඩී. කුමාරසිංහ නමැති 41 හැවිරිදි මෙම රියැදුරා සාලියවැව, ඉහළ පුලියන්කුලමේ පදිංචිකරුවෙකි.
සැකකරු WP ND – 4122 පෞද්ගලික මගී බස් රථය අනුරාධපුර–පුත්තලම මාර්ගයේ පසුගිය 27 වැනිදා ධාවනය කරමින් තිබී ඇත.
කලාඔය විහාරස්ථානය අසල දී ගම්වැසියන්ගේ උපදෙස් නොතකා ජල පහර ඔස්සේ ධාවනය කර ඇති බව පොලීසිය කියයි.
එම අවස්ථාවේ බස් රථයේ මගීන් 68 දෙනෙක් ගමන් කරමින් සිට ඇති බව පොලීසිය සඳහන් කරයි.
ජල පහර මතින් බස් රථය ධාවනය කිරීෙමන් මගීන්ගේ ජීවිත අවදානමට ලක්වන බව දැන දැනම බස් රථයේ රියැදුරු බස් රථය ධාවනය කර ඇති බව ද පොලීසිය පැවැසීය.
මෙම බස් රථය ජල පහරට හසුවී ගසාගෙන ගිය බවත් එහි සිටි මගීන් බේරාගැනීමට දැඩි වෙහෙසක් ගැනීමට සිදුවූ බවත් පොලීසිය සඳහන් කරයි.
මෙහිදී එක් මගියෙක් මියගොස් තිබිණි.
බේරුවල හේනේවත්තේ පදිංචිකරුවෙක් වූ 66 හැවිරිදි ඒ.එස්. මෙහොමඩ් නවාස් නමැති අය මියගොස් ඇති බව ද පොලීසිය කියයි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. (දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart