
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය තුළ පෞද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් සමහර පිරිස් වැරදි තොරතුරු සමාජගත කරන බවත් සත්‍ය හා නිවැරදි තොරතුරු සමාජගත කරන වගකීම සහ වගවීම හඳුනාගත් වෘත්තිමය ගුණාංග වලින් යුතු වෘත්තිය ජනමාධ්‍යවේදියෙක් නිර්මාණය කිරීම කාලීන අවශ්‍යතාවක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
කොළඹ පදනම් ආයතනයේ පසුගියදා (12) පැවති ස්වාධින රුපවාහිනී සේවයේ MMC ITN Campus හි පළමු සහතිකපත්‍ර පාඨමාලාව හැදෑරූ සිසු සිසුවියන් වෙනුවෙන් සහතිකපත් ප්රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය මෙසේද කීය,
“වර්තමානයේ අපි විශේෂයෙන්ම කතා කරනවා misinformation, disinformation සහ mal-Information ගැන. මේවායින් සමාජයට වන හානිය අපි නිතර දකිනවා, විවිධ ආකාරයේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් වැරදි තොරතුරු සමාජගත කරන Content creators ලා අපට මේ ඩිජිටල් අවකාශයේදී දකින්න ලැබෙනවා. වගකීම සහ වගවීම හඳුනාගත් වෘත්තිමය ගුණාංග වලින් යුතු වෘත්තිය වේදියෙක් නිර්මාණය කිරීමේ වැදගත්කම එන්නේ අන්න එතනදියි. එවැනි නිර්මාණ ශිල්පියකු බිහි කරන්න මෙවැනි ආයතන වලින් විය යුතු කාර්යය භාරය හා වගකීම අති විශාලයි.
අපේ රජය සියලු ක්ෂේත්රවල ඩිජිටල්කරණය වෙනුවෙන් ලොකු බරක් අරගෙන තියෙනවා. ඉදිරියේදී රැකියා සොයන්නන් වෙනුවට රැකියා උත්පාදනය කරන්නන් බිහි කිරීම අපේ වැඩපිළිවෙලේ මූලික අරමුණක්. අපි වැඩ කරන්නේ ඒ ඉදිරි ඉලක්ක වෙනුවෙනුයි. අපිට අරමුණක් තියෙනවා. එතැනදී ඔබේ දායකත්වය අපට ඉතාමත් වැදගත්. ඒ නිසා දැනුමින් සන්නද්ධ වුණු විද්‍යාර්ථීන්ගේ ඉදිරිය ඉතාම පැහැදිලි බව කියන්න පුළුවන්. ලෝකයත් සමග තරග කළ හැකි මට්ටමේ නිර්මාණශීලි පුරවැසියකු වුනොත් ඔබට ලැබෙන අවස්ථාවන් අසීමිත වේවි. එවිට ඔබව ඔබේ අනාගතය වගේම රටේ අනාගතයක් ගොඩනගන්නට හැකිවේවි. රටට අවශ්‍ය එවැනි තරුණ පරපුරක්.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart