
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දැන් සිදුකළ යුත්තේ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කිරීම නොව ඊශ්‍රායල නායකයන්ට මරණ දණ්ඩනය නිකුත් කිරීම බව ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පවසා තිබේ.
අන්තර්ජාතික අපරාධ අධිකරණය විසින් පසුගිය සතියේ දී ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හිටපු ආරක්ෂක ඇමැති යෝව් ගැලන්ට් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කිරීමෙන් පසුව ගාසා තීරයේ යුද්ධය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කර තිබේ.
ඉරානයේ ටස්නිම් පුවත් ඒජන්සිය විසින් වාර්තා කරන්නේ ඔවුන්ගේ සතුරා වන ඊශ්‍රායලය ගාසා තීරය සහ ලෙබනනය ජයග්‍රහණය නොකරන බවට සිය අදහස් දැක්වීමේදී කමේනි සපථ කළ බවයි.
“ගාසාවේ සහ ලෙබනනයේ මිනිසුන්ගේ නිවෙස්වලට බෝම්බ හෙලීම ජයග්‍රහණයක් නෙවෙයි” යනුවෙන් ද කමේනි පවසා ඇත.
මිනිසුන්ගේ නිවෙස්වලට, රෝහල්වලට සහ ප්‍රජාවන්ට බෝම්බ දැමූ පමණින් ඔවුන් ජයග්‍රහණය කළ බව සිතිය යුතු නොමැති බවත් එය ඔවුන්ගේ ජයග්‍රහණයක් ලෙස කිසිවකු නොසළකන බවත් කමේනි පැවසූවේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඊශ්‍රායලය සිදු කළේ යුද අපරාධයක් බව ද ඔහු තවදුරටත් පවසා ඇත.
නෙතන්යාහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර ඇතත් එය ප්‍රමාණවත් නොවන බවත් නෙතන්යාහුට මරණ දඬුවම නිකුත් කළ යුතු බවත් ඊශ්‍රායාල නායකයන්ට මරණ දණ්ඩනය දිය යුතු බවත් කමේනි පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart