January 20, 2024

ඉදිරි සතියේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, රොෂාන් රණසිංහගේ දූෂණය නවතමු මව්බිම ගොඩනගමු සන්ධානය, ඩලස් අලහප්පෙරුම ප්‍රමුඛ නිදහස ජනතා සභාව එක්ව එක් පෙරමුණක් ගොඩනගන බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ ප්‍රකාශ කළේය.

ඔහු මේ බව පැවසූවේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව අදහස් දක්වමිනි.

වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කළේ ඉදිරි සතියේ දී පිහිටුවීමට නියමිත පුළුල් පෙරමුණ සඳහා එහි ඇතුළත් සියලුම පාර්ශ්වයන් සමග මේ වන විට සකච්ඡා කොට ඇති බවත්, ඊට සියලු පාර්ශ්වයන්ගේම එකඟත්වය ලැබී ඇති බවත්ය.

මෙම පෙරමුණ ගොඩනගන්නේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් බවද ඔහු ප්‍රකාශ කළේය.