
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී දළදා මාළිගාව පෙනි පෙනී සම්බාහන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම පිළිබඳව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා දැනුවත් කිරීමෙන් පසු ඊයේ (18) පැවැති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මෙම සම්බාහන මධ්‍යස්ථානය ආරම්භ කිරීම තහනම් කිරීමට ඒකමතිකව පියවර ගෙන ඇත.
මාළිගාවේ ප්‍රවේශ දොරටුව ආසන්නයේ ආයුර්වේද වෙළඳ සේෆ් යන නාමයට මුවා වී සම්බාහන මධ්‍යස්ථානයක් මෙලෙස ආරම්භ කිරීමට කටයුතු යොදා තිබූ අතර, මේ පිළිබඳ නායක හිමියන් දැන ගැනීමෙන් පසුව ආණ්ඩුකාරවරයාගෙන් එය තහනම් කරන ලෙස ඉල්ලීම සිදුකොට තිබේ.
පූජා නගරයේ හා අධි ආරක්ෂිත කලාපයේ මෙවැනි ක්‍රියා සඳහා කිසිසේත් ඉඩ ලබා නොදිය යුතු බවත්, සම්බාහන ආයතනයන් නියාමනය පිළිබඳව විශාල ගැටලුවක් රට තුළ පවතින බවත්, මෙහිදී කරුණු දැක්වූ ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ පෙන්වා දී ඇත.
මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටුව මගින් අධි ආරක්ෂිත කලාපය හා පූජනීය නගරය තුළ මෙවැනි සම්බාහන මධ්‍යස්ථාන සඳහා අවස්ථාව ලබා නොදීමට එකඟත්වය පළකර තිබේ.
2024 වර්ෂයේ පැවැති පළමු දිස්ත්‍රික් සංවර්ධන කමිටුව සඳහා මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අටදෙනකු සහභාගි වී ඇත.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart