
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අතුරුදන් ජීප් රථයක්, ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් කොස්ගම, ශාලාව පුහුණු කඳවුර පරිශ්‍රයේ ඇති බවට හෝ යුද හමුදා මූලස්ථානය, අකුරණ යුද හමුදා මූලස්ථානයට අනුයුක්ත කිරීමට ගෙන ඇති තීරණ සම්බන්ධයෙන් අසත්‍ය,ද්වේශ සහගත ,අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝ හා ප්‍රකාශ නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම වළක්වමින් ජනමාධ්‍යවේදියකුට හා යුද හමුදාවේ සොල්දාදුවන් දෙදෙනකුට එරෙහිව කොන්දේසි සහිත ආඥාවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (09) නිකුත් කළේය.
යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන විතාරණගේ තුෂාර සාලිය රණවක සමාජ ක්‍රියාකාරී මාධ්‍යවේදියාට හා ශාලාව හමුදා පුහුණු කඳවුරේ සොල්දාදුවන් වන හෙට්ටිආරච්චි හා නුවන් යන අයට මෙම කොන්දේසි සහිත ආඥාව නිකුත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලබන 10 වෙනි දින අධිකරණයේ පෙනීසිටින ලෙසට විත්තිකරුවන්ට නොතීසිද නිකුත් කළේය.
කොස්ගම ශාලාව හමුදා පුහුණු කඳවුර පිළිබඳව දැනට යූටියුබ් නාලිකා වල හා ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල පළකර ඇති ප්‍රකාශ හා වීඩියෝ දර්ශන තවදුරටත් ප්‍රචාරය කිරීම වළක්වමින් වාරණ නියෝගයක් හා නැවත උඩුගත කිරීම වළක්වමින් නියෝගයක් ද විත්තිකරුවන්ට නිකුත් කළේය.
පැමිණිල්ල වෙනුවෙන් හිටපු නීතිපති, ජනාධිපති නීතිඥ සංජය රාජරත්න කරුණු දක්වමින් කියාසිටියේ සැකකරු ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි තොරතුරු සමාජගත කරමින් සිටින බවය.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart