August 5, 2026

පසුගිය දිනවල දැඩිලෙස කථාබහට ලක්වූ අවුරුදු කුමරි තරගයක පිඹුරකු සමග නර්තනයේ යෙදුණු තරුණිය සහ ඇයට පිඹුරා ලබාදුන් සැකකරුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය දඩ නියම කර තිබේ.

පසුගිය ජූලි 22 දින නැවත නඩුව කැඳවීමෙන් පසු සැකකරුවන් වරද පිළිගත් අතර එහිදී වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතින් ආරක්ෂිත සත්වයෙක් තම සන්තකයේ සහ පාලනයේ තබා ගනිමින් නර්තනයේ යෙදීම මත අදාළ තරුණියට රු.50,000.00 ක් ද ආරක්ෂිත සත්වයෙක් සන්තකයේ තබාගැනීම හා මුදලට විකිණීම මත අනෙක් සැකකරුට රු.100,000.00 ක මුදලක් ද වශයෙන් දඩ මුදල් ගෙවන ලෙස අධිකරණය නියෝග කර ඇත.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බෙල්ලන්විල පිහිටි කොළඹ දිස්ත්‍රික් අඩවි ආරක්ෂක කාර්යාලය මගින් අදාළ තරුණිය හා මුදල් මත තරුණියට පිඹුරා ලබාදුන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.