
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාරිභෝගික ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ අටපිරිකර හා පිරිකර භාණ්ඩ අලෙවියේදී නීතිමය කරුණු අනුගමන කරන්නේ දැයි පරීක්ෂණ කිරීමේ අරමුණින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් 2026 අගෝස්තු 10 දින දිවයින පුරා අටපිරිකර හා ඒ ආශ්‍රිත පිරිකර භාණ්ඩ අලෙවි කරන වෙළෙඳ ආයතන ඉලක්ක කර ගනිමින් විශේෂ වැටළීම් සහ විමර්ශන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.
මෙම විශේෂ වැඩසටහන යටතේ දිවයින පුරා සාර්ථක වැටළීම් 92ක් සිදු කර ඇති අතර, 2026 ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ මීට අමතරව අටපිරිකර හා පිරිකර අලෙවිය සම්බන්ධයෙන් වැටළීම් 35ක් සිදු කර ඇත. ඒ අනුව, 2026 වසරේ මේ දක්වා අටපිරිකර හා පිරිකර අලෙවිය සම්බන්ධයෙන් වැටළීම් 127ක් සිදුකර තිබේ.
2026 අගෝස්තු 10 දින ක්‍රියාත්මක කළ විශේෂ වැඩසටහනේ දී 2015.06.11 දිනැති අංක 1918/20 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ අංක 55 දරන විධානය යටතේ අදාළ භාණ්ඩවල හෝ ඒවායේ ඇසුරුම්වල නියමිත තොරතුරු සඳහන් කර තිබේ ද යන්න සහ අදාළ නීතිමය අවශ්‍යතා පිළිපදිනවාද යන්න පරීක්ෂාවට ලක්කර ඇත. වෙළෙඳුන් විසින් පවත්වාගෙන යා යුතු බිල්පත්, ඉන්වොයිසි සහ අනෙකුත් අදාළ ලේඛන සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකර තිබේ.
මෙම විශේෂ වැටළීම්වලදී වාර්තා වූ බහුතර උල්ලංඝනයන් අංක 55 දරන විධානයට අදාළ වන අතර, අටපිරිකර, තනිපට සිවුරු, අදනකඩ, බඳපටි, පාත්‍ර සහ අනෙකුත් පිරිකර භාණ්ඩවල හෝ ඒවායේ ඇසුරුම්වල නියමිත තොරතුරු සඳහන් නොකිරීම ප්‍රධාන වශයෙන් අනාවරණය වී ඇත.
වැටළීම්වලදී නීති උල්ලංඝනයට අදාළ අටපිරිකර, සිවුරු, අදනකඩ, බඳපටි, පාත්‍ර සහ අනෙකුත් පිරිකර භාණ්ඩ විශාල සංඛ්‍යාවක් (ඒකක 436ක්) නිලධාරීන් භාරයට ගැනීමට කටයුතු කර තිබේ.
මෙම විශේෂ වැඩසටහනේදී අටපිරිකරවල පිටත ඇසුරුම පමණක් පරීක්ෂා කිරීම වෙනුවට, අහඹු ලෙස තෝරාගත් අටපිරිකර විවෘත කර ඒවා තුළ ඇතුළත් කර ඇති භාණ්ඩ ද පරීක්ෂාවට ලක් කිරීමට විමර්ශන නිලධාරීන් කටයුතු කර ඇත.
එලෙස සිදුකළ පරීක්ෂාවලදී ඇතැම් අටපිරිකරවල දෙපට සිවුර වෙනුවට තනිපට සිවුරක් ඇතුළත් කර තිබීම, අටපිරිකරට අදාළ කොටස් අට සම්පූර්ණ නොවීම, මිල අනුව ඇතුළත් කර ඇති භාණ්ඩ වෙනස් වීම, ඇලුමිනියම්වලින් නිෂ්පාදනය කළ පාත්‍ර, තැලී ගිය පාත්‍ර සහ මළ බැදුණු දැලි පිහි ඇතුළත් කර තිබීම වැනි අක්‍රමිකතා අනාවරණය වී තිබේ.
මෙවැනි අක්‍රමිකතා පාරිභෝගිකයාට පිටත ඇසුරුම නිරීක්ෂණය කිරීමෙන් පමණක් පහසුවෙන් හඳුනාගත නොහැකි බැවින්, විශේෂයෙන් ආගමික අවශ්‍යතාවක් සඳහා සම්පූර්ණ අටපිරිකරක් මිලදී ගැනීමේදී එහි ඇතුළත් භාණ්ඩ පිළිබඳවද සැලකිලිමත් වන ලෙස පාරිභෝගිකයන්ගෙන් දැනුම්වත් කරනු ලැබේ.
මෙම වැටළීම්වලදී අනාවරණය කරගත් නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අදාළ වෙළෙඳ ආයතනවලට එරෙහිව අදාළ මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කරමින් පවතී.
අටපිරිකර හා පිරිකර අලෙවියේ දී භාණ්ඩවල සහ ඇසුරුම්වල නියමිත තොරතුරු සඳහන් කිරීම, පාරිභෝගිකයාට ලබාදෙන භාණ්ඩවල නිසි තත්ත්වය තහවුරු කිරීම සහ අදාළ නීතිමය අවශ්‍යතා පිළිපැදීම වෙළෙඳුන්ගේ වගකීමක් බව ද තවදුරටත් අවධාරණය කරනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart