
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ පුත්‍රයා, බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා, නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් සහ වසන්තගේ දේහය භාරගත් පුද්ගලයා අධිකරණ නියෝගයකට අනුව නීතිමය කටයුතු සඳහා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ .
මේ අතර, ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු අතුරුගිරිය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දස දෙනා අද (05) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තිදෙනෙකු සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහය ඉල්ලා ඇත.
අදාළ සැකකරුවන් තිදෙනාගේ ඡායාරූප සහ විස්තර ද පොලිසිය විසින් නිකුත් කර තිබිණි.
ජුලි 08 වැනිදා වෙඩි තැබීමේ සිද්ධිය වූ අතුරුගිරිය පච්ච මධ්‍යස්ථාන හිමිකරු ඇතුළු සැකකරුවන් දස දෙනෙකු සහ වෙඩි තැබීමේ සිද්ධියට අනුබල දුන් බවට සැකපිට 21 හැවිරිදි තරුණියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය ජුලි 08 වැනිදා අතුරුගිරිය ඔරලෝසු කණුව අසල පච්ච මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයේදී මෙම වෙඩි තැබීම සිදුව තිබිණි.
සිද්ධියෙන් තුවාල ලැබූවන් අතර ජනප්‍රිය ගායන ශිල්පී කේ. සුජීවා සහ වසන්තගේ බිරිඳ ද සිටියහ.
මෙතෙක් සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ පච්ච මධ්‍යස්ථාන හිමිකරුට කාලයක් තිස්සේ රුපියල් ලක්ෂ 10ක මුදලක් ලැබී ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart