
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජයේ ඩිජිටල්කරණ වැඩසටහනේ කොටසක් ලෙස, ලබන සැප්තැම්බර් මාසයේ සිට සියලුම රථවාහන දඩ මුදල් ගෙවීම් මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ පමණක් සිදු කිරීමට පහසුකම් සලසන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති, 2026 වසරේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති සහ වැඩසටහන්වල ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මේ බව අවධාරණය කෙරිණි.
මෙම මාර්ගගත රථවාහන දඩ ගෙවීමේ පහසුකම, මහජනතාව සහ රජයේ ආයතන අතර ගනුදෙනු වඩාත් පහසු කිරීම සඳහා හඳුන්වා දුන් ‘GovPay’ වැඩපිළිවෙළෙහි කොටසක් ලෙස ක්‍රියාත්මක වේ.
මේ වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකාවේ පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමේ සැලසුම, ජාතික සුපර් ඇප්, ජාතික QR මෙහෙයුම , ජාතික දත්ත හුවමාරුව (National Data Exchange) සහ Number Portability හෙවත් ජංගම දුරකථන අංකය නොවනස්ව සපයන්නා වෙනස් කිරීමේ පහසුකම ඇතුළු තවත් ඩිජිටල් වැඩපිළිවෙළ රැසක ප්‍රගතිය ද මෙම රැස්වීමේදී සමාලෝචනය කර ඇත.
මෙම ව්‍යාපෘති, 2030 වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඇමරිකානු ඩොලර් බිලියන 30 දක්වා පුළුල් කිරීමේ රජයේ පුළුල් සැලැස්මේ කොටසක් ලෙස ක්‍රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart