
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාතික සයිබර් අපරාධ ජාලයකට සම්බන්ධ බවට සැකකෙරෙන 28 හැවිරිදි චීන ජාතිකයකු කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා නිරීක්ෂණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ජූලි 23 වැනි දින පස්වරු 5.10 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL-315 ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට ගොඩබැස ඇති බව වාර්තා වේ.
මෙම පුද්ගලයා පරිගණක උපකරණ විශාල ප්‍රමාණයක් රැගෙන යන බව නිරීක්ෂණය කිරීමෙන් පසු නිලධාරීන්ට සැකයක් ඇතිවී තිබේ.
ප්‍රශ්න කිරීමේදී, සැකකරු පවසා ඇත්තේ, ශ්‍රී ලංකා කොටස් වෙළඳපොළට සම්බන්ධ ප්රමුඛ ව්‍යාපාරිකයකු හමුවීමට තමන් ශ්‍රී ලංකාවට පැමිණි බවයි.
වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී අන්තර්ජාතික මාර්ගගත මූල්‍ය වංචා ජාලයකට ඇති සම්බන්ධතා අනාවරණය වී ඇති අතර, නිලධාරීන් එහිදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව, සැකකරු අත්අඩංගුවට ගෙන පසුව පිටුවහල් කිරීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරීන්ට භාරදී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart