
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ D4 පරිපාලන බලප්‍රදේශයේ අවභාවිත කර ඇති සහ අතහැර දමා තිබූ මහජන දේපළ නැවත පවරා ගැනීමටත්, ඒවා මහජන අයිතියට පැවරීමටත් තීරණාත්මක පියවර ගන්නා බව කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලි බල්තසාර් ප්‍රකාශ කළාය.
ඊයේ සිදුකළ පරීක්ෂණ චාරිකාවකින් අනතුරුව ඇය මේ බව සඳහන් කළාය.
වසර 15කට වැඩි කාලයක් පුරා රජයේ මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබුණද තවමත් වැඩ අවසන් කර නොමැති ගොඩනැගිල්ලක් නගරාධිපතිනියගේ නිරීක්ෂණයට ලක්විය.
මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) විසින් සිදුකරන මාර්ග පළල් කිරීමේ ව්‍යාපෘතිය නිසා දැනට පවතින ඩිපෝව සහ ප්‍රාදේශීය කාර්යාලය ඉවත් කිරීමට සිදුව ඇති බැවින්, කාලයක් තිස්සේ අතහැර දමා තිබූ මෙම භූමිය ශුද්ධ පවිත්‍ර කර වහාම භාවිතයට ගැනීමට පියවර ගන්නා බව ඇය පැවසුවාය.
නීති විරෝධී ලෙස අත්පත් කරගෙන ගරාජයක් බවට පත්කරගෙන තිබූ ළමා ක්‍රීඩාංගණයක් ද පරීක්ෂාවට ලක් කෙරිණි.
මහජන අවකාශයන් අයිති සමස්ත ප්‍රජාවට මිස පෞද්ගලික ලාභ ලබන පුද්ගලයන්ට නොවන බවත්, එවැනි ස්ථාන නැවත ලබාගැනීමට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් නගරාධිපතිනිය අවධාරණය කළාය.
ජාතික පොළ පරිශ්‍රයේ කඩිනම් සංවර්ධනයක් මෙන්ම එහි දීර්ඝකාලීන පැවැත්ම වෙනුවෙන් සාකච්ඡා ආරම්භ කිරීමටත්, අෂ්රෆ් වත්ත ප්‍රදේශයේ දිගුකාලීනව පවතින ජලාපවහන ගැටලුවලට සම්බන්ධීකරණ වැඩපිළිවෙළක් හරහා ස්ථිර විසඳුම් ලබාදීමටත් බලාපොරොත්තු වන බව පැවසුවාය.
මහජන මුදල් කිසිවිටෙකත් අපතේ නොහැරිය යුතු බවත්, බදු ගෙවන ජනතාවගේ මුදල් මහජනතාවට සේවය කරන ව්‍යාපෘති සඳහා පමණක් යෙදවීමට තම පරිපාලනය නිරන්තරයෙන් පෙනී සිටින බවත් නගරාධිපතිනිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart