
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීන තෙල් පිරිපහදු සමාගම සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර ඇතිකරගත් එකඟතාවකට අනුව හම්බන්තොට ඉදිකිරීමට යෝජිත චීන තෙල් පිරිපහදුවෙන් ඉන්ධන මිලදී ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බව වාර්තා වේ.
අදාළ ගිවිසුම යටතේ නිෂ්පාදනයෙන් සියයට 20ක් මිලදී ගැනීමට ශ්‍රී ලංකාවට හිමිකම් ලැබේ.
පිරිපහදුව පිහිටුවීමට චයිනා පෙට්‍රෝලියම් සහ කෙමිකල් කෝපරේෂන් හෙවත් හෙවත් සිනොපෙක් තෝරා ගන්නා ලද්දේ ලංසු තැබීමේ ක්‍රියාවලියකින් පසුවය.
භාණ්ඩාගාර නිලධාරියකු පැවසුවේ මෙමගින් ශ්‍රී ලංකාවට ලැබෙන වාසි අතරට සහන මිලකට ඉන්ධන මිලදී ගැනීමට හැකි වීම, භාණ්ඩ ප්‍රවාහන ගාස්තු පහළයෑම සහ රක්ෂණ ප්රතිලාභ ඇතුළත්ය.
මීට අමතරව, ශ්‍රී ලංකාව ඉන්ධන සැපයුම් සඳහා ටෙන්ඩර් නිකුත් කරන විට, සිනොපෙක් සමාගමට තම දේශීය පිරිපහදුවෙන් ලංසු තබා සැපයුම් ලබාදීමට හැකි බව ද ඔහු පැවසීය.
හම්බන්තොට පිරිපහදුවේදී දෛනිකව බොරතෙල් බැරල් ලක්ෂයක් පිරිපහදු කළ හැකි බවත්, ධාරිතාව ක්‍රමයෙන් වැඩි කෙරෙන බවත් එම නිලධාරියා පැවසීය.
සිනොපෙක් පිරිපහදුවේ පළමු අදියරේදී ඩොලර් බිලියන 1.7ක ආයෝජනයක් ගෙන ඒමට අපේක්ෂිතය.
එය වසර හතරකින් සම්පූර්ණයෙන්ම පිහිටුවා අවසන් වනු ඇත.
මේ යටතේ වසර ගණනාවක් පුරා අවම වශයෙන් ඩොලර් බිලියන 4.5ක ආයෝජනයක් රජය අපේක්ෂා කරන බව භාණ්ඩාගාර නිලධාරියා පැවසීය.
පසුකාලීනව පිරිපහදුව නෞකා සඳහා ඉන්ධන සැපයීමේ ව්‍යාපාරයට ද සම්බන්ධ වනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart