
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමන්ට එරෙහිව අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා කරමින්, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්. ඩී. සිරිල් ඇන්ටන් පෙරේරා විසින් සර්වජන බලය වෘත්තීයවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු නීතිඥ නලින් පතිරණට සහ එම ප්‍රකාශය විකාශය කළ දෙරණ මාධ්‍ය ජාලයට එරෙහිව රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා අද (ජූලි 01) කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ.
දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබූ සුගීශ්වර බණ්ඩාර නැමැත්තාට එරෙහිව පැමිණිල්ල කළේ ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා බවටත්, ඔහු ආයතන තුනකින් එකවර වැටුප් ලබාගත් බවටත් නීතිඥ නලින් පතිරණ විසින් සිදුකළ ප්‍රකාශය අසත්‍ය බව සභාපතිවරයා පවසයි.
මේ සම්බන්ධයෙන් මීට පෙර එන්තරවාසි යොමු කළ ද, ඔවුන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම නීතිමය පියවර ගෙන ඇත.
අවම වෘත්තීය හෝ මාධ්‍ය සදාචාරයක් නොමැතිව සමාජගත කරන මෙවැනි අසත්‍ය ප්‍රචාරයන්ට එරෙහිව නොපමාව නීතිමය පියවර ගැනීම හොඳම විසඳුම බව ද සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart