
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුපියල් බිලියන 2.8ක ආයෝජනයක් වන බෙන්තොට සෙලෙස්ටියා ආයුර්වේද නිකේතනය මෙරට සංචාරක කර්මාන්තයට එක්වූ නවතම හෝටලය බවට පත්ව තිබේ.
අක්කර 6ක භූමි ප්‍රමාණයකින් යුක්ත මෙම නිකේතනය සුඛෝපභෝගී කාමර 65 කින් සමන්විත වන අතර ඉන් පහක් විලා කාන්ධයට අයත්ය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් සංචාරක ක්ෂේත්රයේ මෙම නව ව්‍යවසාය සඳහා පහසුකම් සපයයි.
ලෝකයේ දැනට පවතින සෞඛ්‍ය සම්බන්ධ ගැටලු සහ සුවතා වර්ධනය සම්බන්ධයෙන් මෙමගින් ඉහළ අවධානයක් දෙනු ඇත.
කාර්යබහුල සහ නවීන ජීවන රටාව මානසික ආතතියට හා වෙහෙසට පත් වීමට හේතු විය හැකි අතරඑම නිසා සුවතා සංචාරක ව්‍යාපාරය වෙත මිනිසුන් යොමු වීම වැඩිවෙමින් තිබේ.
Global Wellness Institute අනාවැකිවලට අනුව 2025 වන විට මෙම ක්ෂේත්රයේ වෙළඳපොළ ඩොලර් ට්‍රිලියන 1.3 දක්වා ඉහළ යනු ඇත.
සෙලෙස්ටියා හි ප්‍රධාන විධායක නිලධාරී චන්දන් සිල්වා පවසන්නේ අහස උසට ඉහළ යමින් තිබෙන මිනිසාගේ නොසතුට ගැන මෙහිදී තමන් සිය අවධානය යොමුකළ බවයි.
මානසික ආතතිය, විෂ සහිත ජීවන රටාව, අසමතුලිත සේවා ජීවිතය, මානසික අවපීඩනය සහ බෝ නොවන රෝග නූතන මිනිසුන්ගේ ජීවිතයේ සැළකිව යුතු කොටසක් වේ.
එබැවින්, රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ මාධ්‍යයක් ලෙස සාම්ප්‍රදායික සුවය භාවිතා කිරීම වෙනුවට, සිය ඉලක්කය වන්නේ ප්‍රීතිමත් පැවැත්මක මූලික අදහස සෑම කෙනෙකුටම අත්විඳීමට ඉඩ සලසමින් ආයුර්වේදයේ සැබෑ ශ්‍රී ලාංකික උරුමය ජීවන මාර්ගයක් ලෙස ප්‍රදර්ශනය කිරීම බව චන්දන් සිල්වා පවසයි.
නිවාඩු නිකේතනය පෝෂණවේදීන්ගේ සහ දේශීය වෛද්‍යවරුන්ගේ මඟපෙන්වීම යටතේ සුව කිරීමේ පද්ධතියට ගැළපෙන පරිදි සාදන ලද මෙනුවක් ලබා දෙනු ඇති බවත් එය රසවත් ආහාර සමඟ වයස්ගත වීම වැළැක්වීමේ ඩෙටොක්සිං සමඟ සමාන වන බවත් ඔහු පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart