
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදුලිබල මණ්ඩලයේ ස්ථාවර තැන්පතුවක් සඳහා වැඩි පොලී අනුපාතයක් ලබාදීම හේතුවෙන් ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවට (HDFC) වූ පාඩුවක් පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ (කෝප් කමිටුවේ) අවධානය යොමුව තිබේ.
2014 නොවැම්බර් 04 දින පැවති කෝප් සභාවේදී මේ පිළිබඳ සාකච්ඡා වී තිබූ අතර සාමාන්‍ය පොලී අනුපාතය ඉක්මවා සිදු වූ මෙම ගෙවීම මගින් බැංකුවට සිදු වී තිබූ පාඩුව රුපියල් මිලියන 69ක් බව එහිදී අනාවරණය වී ඇත.
මෙහිදී තැරැව්කාර සමාගමක් තුන්වැනි පාර්ශ්වයක් ලෙස සම්බන්ධවීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ අතර මෙම තැරැව්කරු බැංකුව පාර්ශ්වයෙන් පැමිණි පුද්ගලයෙක් බව මෙහිදී අනාවරණය විය.
එසේම මේ සම්බන්ධයෙන් මැදිහත්වූ පුද්ගලයා සම්බන්ධයෙන් අවවාදාත්මක ලිපියක් පමණක් නිකුත්කර තිබීම පිළිබඳ මෙහිදී කමිටුව පෙන්වාදීම සිදුවිය.
මේ අනුව, මුදල් අමාත්‍යාංශයට මේ සම්බන්ධයෙන් මාසයක් ඇතුළත විශේෂ පරීක්ෂණයක් සිදුකොට මේ සඳහා මැදිහත් වූ තැරැව්කරු සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කෝප් කමිටුව නිර්දේශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ සභාපතීත්වයෙන් පසුගියදා රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (HDFC) කැඳවා තිබුණු අතර එහිදී 2020 සහ 2021 වර්ෂය සදහා විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සිදුවිය.
මෙම බැංකුව 2014 නොවැම්බර් මස අවසන් වරට කෝප් කමිටුවට කැඳවා තිබුණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart