
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මගී බස් රථයක පිටුපස අසුන්ගෙන සිටි විශ්වවිද්‍යාල සිසුවියකට හිරිහැර කිරීමේ චෝදනාව මත කුරුඳුවත්ත පොලිසිය පුද්ගලයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
හොරණ සිට කොළඹ දක්වා පෞද්ගලික බස් රථයකින් ගමන් කරමින් සිටියදී 27 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක් හිරිහැරයට ලක් කර ඇති බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.
ඇය සිටි අසුනට පිටුපස අසුන්ගෙන සිටි සැකකරු කිහිප වතාවක්ම ඇගේ පසුපසට රහසිගතව ස්ඵර්ශ කර ඇති බව පොලිසිය අධිකරණයට පැවසීය.
සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
කරුණු ඉදිරිපත් කරමින් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ පැමිණිලිකරු කොළඹ විශ්වවිද්‍යාලයේ 27 හැවිරිදි උපාධි අපේක්ෂිකාවක බවයි.
පොලිසියට අනුව, පැමිණිලිකාරිය පෞද්ගලික බස් රථයකින් හොරණ සිට කොළඹ දක්වා ගමන් කරමින් සිටියදී, ඇගේ පිටුපස අසුන්ගෙන සිටි සැකකරු කිහිප වතාවක්ම නුසුදුසු ලෙස ඇගේ පසුපස ප්‍රදේශය ස්පර්ශ කර ඇත.
තරුණිය බස් රථය තුළ තමන්ට සිදු වූ දේ හඬ නඟා හෙළි කළ විට, මගීන් අතර සිටි පොලිස් නිලධාරියකු සැකකරු අල්ලා කුරුඳුවත්ත පොලිසියට භාර දී තිබේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම සැකකරුට රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ අතර මෙම සිද්ධියට අදාළ නඩුව දෙසැම්බර් 1 වැනිදා නැවත කැඳවීමට නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart