
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නිවේදනයක් නිකුත් කරමින් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කර ඇත්තේ, පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් සහ ඊට සම්බන්ධ සියලු පාර්ශ්වයන් හෙළිදරව් කරගැනීම සඳහා කොළඹ අගරදගුරු පදවිය වින්දිතයන් සමඟ පූර්ණ සහයෝගයෙන් කටයුතු කරන බවයි.
නීතියට අනුකූලව වින්දිතයන්ට සාධාරණය ඉෂ්ට වන බව තහවුරු කිරීමට අගරදගුරු පදවියට අවශ්‍ය බව උන්වහන්සේ පැවසූහ.
කෙසේවෙතත්, මරණ දඬුවම මඟින් මිනිස් ගෞරවය කෙලෙසෙන බැවින් එය පිළිගත නොහැකි බව සඳහන් වන කතෝලික සභාවේ කතෝලික ධර්මෝපදේශයේ 2267 වගන්තිය උපුටා දක්වමින් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් කියාසිටියේ, මරණ දඬුවම පැනවීම සමඟ කතෝලික සභාවට එකඟ විය නොහැකි බවයි.
මෙම ස්ථාවරයෙන් අදහස් වන්නේ කතෝලික සභාව අධිකරණ ක්‍රියාවලියට මැදිහත් වීමට උත්සාහ කරන බව නොවන බව උන්වහන්සේ අවධාරණය කළහ.
“ශ්‍රී ලංකා අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව අපට පූර්ණ විශ්වාසයක් තියෙනවා. එහි තීරණවලට හෝ සාකච්ඡාවලට කිසිදු ආකාරයකින් මැදිහත් වීමට අප බලාපොරොත්තු වන්නේ නැහැ,” උන්වහන්සේ පැවසූහ.
එමෙන්ම මහජනතාව දැනුවත් කිරීමේ සහ දිවයිනේ ආගමික වන්දනා ස්ථානවල හෝ වෙනත් ස්ථානවල සිදුවන සංවිධානාත්මක හෝ අන්තවාදී ප්‍රහාර වැළැක්වීමට පියවර ගැනීමේ අවශ්‍යතාව ද කාදිනල් රංජිත් හිමිපාණන් මෙහිදී අවධාරණය කළහ.
කතෝලික සභාව පෞද්ගලික පලිගැනීම් නොසොයන බවත්, සිවිල් සමාජය සහ නීති පද්ධතිය විසින් ස්ථාපිත අධිකරණ ක්‍රියාවලිය හරහා මහජන යුක්තිය, සාධාරණත්වය සහ වගවීම තහවුරු කළ යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
මිනිසුන් අන් අයට කමාකිරීමට සහ පෞද්ගලික පලිගැනීම්වලින් මිදීමට කැඳවනු ලැබුවද, සිවිල් සමාජය සහ නීති පද්ධතිය විසින් සාධාරණත්වය සහ වගවීම තහවුරු කළ යුතු බවට ප්‍රකාශ කළ දෙවැනි ජුවාන් පාවුළු පාප් වහන්සේගේ ප්‍රකාශයක් ද උන්වහන්සේ මෙහිදී උපුටා දැක්වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart