October 6, 2025

මහනුවර ජාතික රෝහලට මෙම වසර තුළ ඇතුළත් වූ නවක පිළිකා රෝගීන් සංඛ්‍යාව 4170 ක් බව පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සේනක කන්දේගෙදර පවසයි.

දිනකට නව පිළිකා රෝගීන් පස්දෙනකුට ආසන්න පිරිසක් ලියාපදිංචි වන අතර මහනුවර රෝහලේ දී පමණක් දිනකට කිමෝ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව සියය ඉක්මවන බවද හෙතෙම කීය.

නේවාසික ප්‍රතිකාර සඳහා එක් වාට්ටුවක රෝගීන් 105 ක් පමණ නේවාසිකව සිටින බවත් වාට්ටුවේ එක ඇඳක රෝගීන් දෙදෙනෙක් හෝ ඇඳන් දෙකක් එක්කොට රෝගීන් තිදෙනකු සිටින අවස්ථා නිරන්තරයෙන්ම දක්නට ලැබෙන බවද හෙතෙම කියාසිටියේය.

මහරගම අපේක්ෂා රෝහලට පසුව වැඩිම පිළිකා රෝගීන් සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබන රෝහල මහනුවර ජාතික රෝහල බවද වෛද්‍ය සේනක කන්දේගෙදර කියයි.(දිවයින)