
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හොරණ නගර සභාවේ අයවැය සම්මත කරගැනීමට නීතිවිරෝධී ක්‍රමයක් යොදාගත් බවට එහි විපක්ෂ මන්ත්‍රීවරුන් හොරණ පොලිසියට පැමිණිලක් කර ඇත.
පාලකම් ජාතික ජනබලවේගයට ආසන 6 ක් සහ විපක්ෂයට ආසන 7ක් ලෙස බලය හිමි හොරණ නගර සභාවේ අයවැය අද පෙරවරු 10 ට ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදී නියමිත වේලාවට පෙර සභාවට පැමිණි ආණ්ඩු පක්ෂයේ මාන්ත්රීවරු සහා ශාලාවේ ඔරලෝසුවේ වේලාව 10 .05 ලෙසින් වෙනස්කර විපක්ෂ මන්ත්‍රීවරුන් සභාවට පැමිණීමට පෙර අයවැය ඉදිරිපත්කර එය සම්මත කරගෙන තිබෙන බවට චෝදනා කෙරේ.
ඒ අනුව අයවැය දෙවැනිවර කියවීම විපක්ෂයේ සහභාගීත්වයකින් තොරව පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පමණක් නියමිත වේලාවට විනාඩි පහකට පෙර (9.55) සිදුකර ඇතිබව විපක්ෂයේ මන්ත්‍රීවරු චෝදනා කරති.
මෙම ක්‍රියාව තමන් හෙළාදකින බවත්, ඊට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්න බවත් ඔවුහු පවසති.
චෝදනාවට අනුව හොරණ නගර සභාවේ සභාපති අනිල් ඉන්දික ප්‍රේමසිරිගේ ප්‍රධානත්වයෙන් හොරණ නගර සභා රැස්වීම ආරම්භ වී අත්තේ නියමිත වේලාවට පෙරය.
ඒ අනුව පෙරවරු 10 ට ඇරඹීමට නියමිතව තිබූ සභාවේ කටයුතු කල්තබා ආරම්භ කර නියමිත වේලාවට විනාඩි පහකට ප්‍රථමයෙන් එනම් 9.55 ට ආරම්භ කර ඇත.
ඒ අනුව විපක්ෂ මන්ත්‍රීවරුන් සභාගැබට පැමිණීමට පෙර පාලක පක්ෂයේ මන්ත්‍රීවරු හයදෙනා පමණක් එක්ව අයවැය සම්මත කරගෙන ඇතිබව විපක්ෂය චෝදනා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart