
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පොලුවලින් සහ ආරක්ෂිත හිස් වැසුමකින් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ මාතලේ මඩවල උල්පත නාලන්දවත්තේ පදිංචි වයස අවුරුදු 17ක කවුඩුපැළැල්ලේ කලෙයිමගල් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මෝගන් යුගේස් නැමැති පාසල් සිසුවා බව පොලිසිය කියයි.
පදිංචි මඩවල උල්පත ආටිස්මලේ වත්ත වෙත පෙරේදා සවස 5.30ට පමණ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ගොඩවෙල බුදුමැදුර අසලදී කිසියම් පිරිසක් මෙම සිසුනට පහරදී තිබේ.
ඔවුන් එම පහරදීමෙන් හමුවේ දිවගොස් ඇති අතර මරණයට පත් වූ සිසුවා එම ස්ථානයේ පහරකෑමට ලක්ව එම බිම වැටී සිටියදී එම ප්‍රදේශයේ පුද්ගලින් පිරිසක් විසින් ඔහු මාතලේ දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර රෝහල වෙත ඇතුළත් කරන විටත් ඔහු මරණයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
පහරකෑමෙන් පසු දිව ගොස් දිවි බේරාගත් පාසල් සිසුවියගේ පෙම්වතා හා අනෙක් තරුණයා රෝහලේගත කර ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කරයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියගේ පියා සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇති අතර සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කටයුතු මහවෙල පොලිසිය විසින් සිදුකරනු ලබයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart