
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මුලතිව්, මාන්කුලම්, පනික්කන්කුලම් ප්රදේශයේ නිවසක ගෙවත්තේ පිහිටි ළිඳකින් මවකගේ සහ දියණියන් දෙදෙනාගේ මළසිරුරු අද (24) සොයාගත් බව මාන්කුලම් පොලිසිය පවසයි.
ප්රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරු මත මළසිරුරු සොයා ගත් බව පොලිසිය පැවසීය.
ඒ අනුව, වයස අවුරුදු 38 ක් වූ මවකගේ සහ වයස අවුරුදු 11 ක් සහ වයස අවුරුදු 4 ක් වූ දරුවන් දෙදෙනකුගේ මළසිරුරු සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
ඔවුන් ජීවත් වූ නිවසේ වත්තේ ළිඳ තුළ තිබී මළසිරුරු හමු වූ අතර, දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මාන්කුලම් රෝහලේ මෘතශරීරාගාරයට යැවීමට කටයුතු කරට ඇත.
මෙම මරණ සියදිවි නසාගැනීම් ද නැතහොත් වෙනත් හේතූන් මත සිදු වූ ඒවාද යන්න තීරණය කිරීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පැවසීය.
මාන්කුලම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart