
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝ ප්‍රකට බෞද්ධ භික්ෂුවක් වන පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමියන්ට පැය 12 කට අධික කාලයක් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ රැඳීසිටීමට සිදුවූයේ අගමැති දිනේෂ් ගුණවර්ධන ද උන්වහන්සේ වැඩමකිරීමට සුදානමින් සිටි ගුවන් යානයෙන්ම තායිලන්තය බලා පිටත්ව යෑමට නියමිතව තිබූ බැවින් බව වාර්තා සඳහන් කරයි.
සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් තායිලන්තයේ බැංකොක් නුවර බලා යෑමට අඟහරුවාදා (30) රාත්‍රී 10 ට පමණ අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති නමුත්, නියමිත වෙලාවට උන්වහන්සේට ගුවන් යානයට ගොඩවීමට අවස්ථාව ලැබී නැත.
ඒ අවස්ථාවේදී අගමැති දිනේෂ් ගුණවර්ධන ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් ද එම ගුවන් යානයේම තායිලන්තය බලා පිටත්ව යෑමට ප්‍රභූ විවේකාගාරයට පැමිණ ඇත.
මද වේලාවකට පසු අගමැතිවරයා ඇතුළු දූත පිරිස ගුවන් යානයට ගොඩවීමට විශේෂ බස් රථයකින් රැගෙන ගොස් තිබිණි.
අලුයම 2.30 ට පමණ අජාන් බ්‍රහ්මවංසෝ හිමියන්ට දැනුම්දී ඇත්තේ උන්වහන්සේගේ ගුවන් ගමන ගමන අවලංගු කර ඇති බවයි.
කෙසේ වෙතත් පසුව පසුදින 10.45 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් බලා පිටත් වූ ශ්‍රී ලංකන් ගුවන් යානයක උන්වහන්සේ පිටත් කර යවා තිබේ.
ගුවන්තොටුපොළ වාර්තා සඳහන් කරන්නේ අජාන් බ්‍රහ්මවංසෝ හිමියන්ට මෙලෙස නියමිත ගුවන් යානය අහිමිකර ඇත්තේ අගමැතිවරයාට ප්‍රමුඛතාව ලබාදීමට ගුවන්තොටුපොළ නිලධාරීන් ප්‍රමුඛතාව ලබාදීම නිසා බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart