
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ ප්‍රථම වාණිජ මට්ටමේ බැටරි බලශක්ති ගබඩා පද්ධති (Battery Energy Storage Systems – BESS) එළඹෙන සැප්තැම්බර් මස මුල් භාගයේදී ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමට නියමිතය.
විදුලි සම්ප්‍රේෂණ උපපොළවල් 16ක් අසල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘතිවල වැඩකටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ.
රජයේ වාර්තාවලට අනුව, මෙම බැටරි පද්ධති පසුගිය මැයි සහ ජූනි මාසවලදී නැව් වාර තුනකින් කොළඹ වරාය හරහා මෙරටට ගෙනවුත් ඇත.
අනුරාධපුර සම්ප්‍රේෂණ උපපොළ ආශ්‍රිතව පෞද්ගලික සමාගමක් මඟින් ඉදිකරනු ලබන බැටරි බලශක්ති ගබඩා ව්‍යාපෘතියේ වැඩකටයුතු මේ වන විට 85% ක් පමණ අවසන්ව පවතී.
මෙම පද්ධති මඟින් දහවල් කාලයේදී සූර්ය බලශක්තියෙන් ජනනය වන අතිරික්ත විදුලිය ගබඩා කරගෙන, රාත්‍රී කාලයේදී විදුලි ඉල්ලුම වැඩි වන අවස්ථාවන්හිදී ජාතික පද්ධතියට මුදාහැරීමට කටයුතු කරනු ඇත. රාත්‍රී කාලයේදී ඩීසල් බලාගාර මඟින් විදුලිය නිපදවීම අවම කරමින්, ජාතික විදුලිබල පද්ධතියේ ස්ථාවරත්වය ඉහළ නැංවීම මෙමඟින් අපේක්ෂා කෙරේ.
මෙලෙස ස්ථාපිත කෙරෙන සෑම බැටරි බලශක්ති ගබඩා ව්‍යාපෘතියකින්ම මෙගාවොට් 10 (10 MW) ක ධාරිතාවක් ජාතික පද්ධතියට එකතුකිරීමට හැකියාව පවතී. මෙම පද්ධතිවල පාලන සහ කළමනාකරණ කටයුතු ජාතික පද්ධති මෙහෙයුම්කරු (National System Operator Ltd. – NSO) මඟින් සිදුකරනු ලබන අතර, නඩත්තු කටයුතු අදාළ ව්‍යාපෘති පවත්වාගෙන යන සමාගම් විසින් සිදුකරනු ඇත.
අවම පාරිසරික බලපෑමක් සහිතව ස්ථාවර විදුලි සැපයුමක් පවත්වාගෙන යෑම මෙම ව්‍යාපෘතිවල ප්‍රධාන අරමුණ වන අතර, එහි වාසිය ඉදිරියේදී විදුලි පාරිභෝගිකයන්ට හිමිවනු ඇති බව රජය පවසයි.
මේ අතර, දිවයින පුරා පිහිටි තවත් විදුලි සම්ප්‍රේෂණ උපපොළවල් 23ක් ආශ්‍රිතව මෙවැනි බැටරි බලශක්ති ගබඩා පද්ධති ස්ථාපිත කිරීම සඳහා වන ප්‍රසම්පාදන කටයුතු ද මේ වන විට ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart