
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) තම ආබාධිතභාවය මත පදනම්ව තාක්ෂණ උපාධියක් හැදෑරීමට ඇතුළත් කරගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, තම ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට චෝදනා කරමින් බණ්ඩාරවෙල තරුණ ශිෂ්‍යයකු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
මෙම පෙත්සම ගොනුකර ඇත්තේ බණ්ඩාරවෙල පදිංචි මනුජය අත්තනායක විසිනි.
මෙම නඩුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු ශිරාන් ගුණරත්න යන ද්වි-පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවූ විට, නඩුව ලබන වසරේ පෙබරවාරි 24 වැනි දිනට කල් තබන ලදී.
බණ්ඩාරවෙල ධර්මපාල විද්‍යාලයේ තාක්ෂණ විෂය ධාරාවෙන් අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනීසිටීමෙන් පසු, තමා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ ආබාධිත ශිෂ්‍යයකු බව පෙත්සම්කරු කියාසිටී.
2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා තාක්ෂණ උපාධියක් හැදෑරීමට අයැදුම්පතක් ඉදිරිපත් කළද, ආබාධිත සිසුන් කාණ්ඩය යටතේ එවැනි උපාධියක් හැදෑරීමට විධිවිධාන නොමැති බව තමාට දන්වා ඇති බව ඔහු ප්‍රකාශ කර ඇත.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ තීරණය මගින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ප්‍රකාශ කරන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.
ඊට අමතරව, ඔහු තාක්ෂණ උපාධියක් හැදෑරීමට අවස්ථාව ලබාදෙන නියෝගයක් ඉල්ලා සිටින අතර, ආබාධිත සිසුන්ට උසස් අධ්‍යාපනය හැදෑරීමට හැකිවන පරිදි ජාතික ප්‍රතිපත්තියක් සකස්කරන ලෙස ද ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart