November 7, 2026

සිකුරාදා සවස පැවැති අධික වර්ෂාපතනයෙන් පසු කොළඹ නගරයේ හටගත් ගංවතුර තත්ත්වයට කඩිනම් විසඳුම් හඳුනාගැනීම සඳහා කොළඹ නගරාධිපතිනි ව්රායි කැලී බල්තසාර් සහ ප්‍රධාන රාජ්‍ය ආයතනවල නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් මේ වන විට පැවැත්වේ.

කොළඹ කානු පද්ධතිය සහ මාර්ග යටිතල පහසුකම් සම්බන්ධ ගැටලුවලට විසඳුම් සෙවීම මෙන්ම ජලාපවහන පද්ධති විධිමත් කිරීම කෙරෙහි මෙම හමුවේදී අවධානය යොමුකෙරේ.

කොළඹ ජලාපවහන පද්ධතිය නිර්මාණය කර ඇත්තේ මිලිමීටර් 30 ක පමණ වර්ෂාපතනයකට මුහුණ දිය හැකි පරිදි බවත්, සිකුරාදා පැය කිහිපයක් ඇතුළත නගරයට මිලිමීටර් 129 ක වර්ෂාපතනයක් ඇදහැලීම නිසා මෙලෙස දැඩි ගංවතුර තත්ත්වයක් සහ බාධා කිරීම් ඇතිවූ බවත් නගරාධිපතිනිය මීට පෙර ප්‍රකාශ කර තිබුණි.