
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිගුකාලීන සිරදඬුවමකට වඩා වැරදිකරු පුනරුත්ථාපනයට සහ යහමගට ගැනීමට මුල්තැන දෙමින්, අභියාචනාධිකරණය විසින් කැපීපෙනෙන තීන්දුවක් ලබාදී තිබේ.
අවුරුදු 15ට අඩු සිය පෙම්වතිය දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ තරුණයකුට පනවා තිබූ වසර 10ක බරපතල වැඩ සහිත සිරදඬුවම වසර දෙකක් දක්වා ලිහිල් කිරීමට අධිකරණය තීරණය කර ඇත.
වරද සිදුවන අවස්ථාවේදී ඔහු 19 හැවිරිදි වියේ පසුවූ අයකු බවත්, මේ වන විට ඔහු විවාහක අයකු සහ කුඩා දරුවකුගේ පියකු බවත් සලකා බලමින් මෙම තීන්දුව ලබාදී ඇත.
පී. කුමාරරත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල සඳහන් කර ඇත්තේ, මෙම නඩුවේ කරුණු සලකා බැලීමේදී දිගුකාලීන සිරදඬුවමක් ලබාදීමට වඩා වැරදිකරු පුනරුත්ථාපනය කර යහමගට යොමුකිරීමේ ප්‍රවේශයක් අවශ්‍ය වන බවයි.
සිද්ධිය සිදුවන අවස්ථාවේදී යන්තම් වැඩිහිටි වියට පත්ව සිටි විත්තිකරු, අපරාධකරුවකු ලෙස හුදෙකලා කරනවාට වඩා යහපත් පියකු වීමට අවශ්‍ය මගපෙන්වීම, අධීක්ෂණය සහ පුනරුත්ථාපනය ඔහුට හිමිවිය යුතු බව අධිකරණය නිරීක්ෂණය කර තිබේ.
අම්පාර මහාධිකරණය විසින් පනවන ලද සිරදඬුවම අභියෝගයට ලක්කරමින් විත්තිකරු ඉදිරිපත් කළ අභියාචනයකට අනුව මෙම තීන්දුව ලබාදුන් අතර, එහිදී තමා වරදකරු කිරීමට එරෙහිව තිබූ අභියාචනය ඔහු විසින් ඉවත් කරගෙන ඇත.
අවුරුදු 16ට අඩු දැරියක පැහැරගෙන යෑම සම්බන්ධයෙන් මහාධිකරණය විසින් ඔහුට වසරක බරපතල වැඩ සහිත සිරදඬුවමක් සහ ඇයව දූෂණය කිරීම සම්බන්ධයෙන් වසර 10ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් පනවා තිබිණි. ඊට අමතරව රුපියල් 20,000ක සහ රුපියල් 50,000ක දඩ මුදල් සහ රුපියල් 300,000ක වන්දි මුදලක් ගෙවීමට ද නියෝග කර තිබිණි.
මෙම සිද්ධිය සිදුව ඇත්තේ 2020 ඔක්තෝබර් මාසයේදී වන අතර, ඒ වන විට අදාළ වින්දිත දැරියගේ වයස අවුරුදු 15යි මාස නවයකි. නඩු තීන්දුවට අනුව, ඔවුන් අතර පැවති ප්‍රේම සබඳතාවක් මත දැරිය විත්තිකරු සමඟ නිවසින් පැනගොස් ඇත. තමා කැමැත්තෙන්ම ඔහු සමඟ නිවසින් පිටව ගිය බවත්, විත්තිකරු සමඟ එක් වතාවක් පමණක් කැමැත්තෙන් ලිංගිකව එක්වූ බවත් ඇය පිළිගෙන තිබේ. සිද්ධිය වන විට විත්තිකරු 19 හැවිරිදි වියේ පසුව ඇත. මහාධිකරණය හමුවේ සාක්ෂි දෙන විට ඔහු 23 හැවිරිදි වියේ පසුවූ අතර, විවාහකයකු සහ අවුරුදු දෙකහමාරක දරුවකුගේ පියෙකි.
දණ්ඩ නීති සංග්‍රහයේ 364(2)(ඊ) වගන්තිය යටතේ වන අනිවාර්ය අවම සිරදඬුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන සමඟ ගැටෙන බවත්, සුදුසු දඬුවමක් නියම කිරීමට අධිකරණයට අධිකරණමය බලය (Judicial Discretion) පවතින බවත් පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව (Supreme Court Reference No. 03 of 2008) මත පදනම්ව අභියාචනාධිකරණය මෙම තීරණයට එළඹ තිබේ.
වරදෙහි බරපතලකම අධිකරණය විසින් පිළිගෙන ඇති නමුත්, සිදුවීම වන විට විත්තිකරු යන්තම් වැඩිහිටි වියට පත්වූ අයකු බවත්, දෙපාර්ශවය අතර පැවති ප්‍රේම සබඳතාව ද ඇතුළුව අනෙකුත් කරුණු ද මෙහිදී සලකා බලා ඇත.
කෙසේවෙතත්, මහාධිකරණය විසින් පනවන ලද දඩ සහ වන්දි මුදල් වෙනස් කිරීමකින් තොරව එලෙසම පවත්වාගෙන ගොස් ඇත. ඒ අනුව සිරදඬුවමේ සංශෝධනයට යටත්ව අභියාචනය නිමාකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart