November 7, 2026

සසෙක්ස්හි ආදිපාදවරිය වන මේගන් මාක්ල්ගේ පියා වන තෝමස් මාක්ල් සීනියර් ෆෙඩරල් පරීක්ෂණ කාර්යාංශය (FBI) විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ළමා අසභ්‍ය දර්ශන සන්තකයේ තබා ගත් බවට එල්ල වී ඇති චෝදනාවක් මත ෆ්ලොරිඩාවේ නෝට් ලේක්ලන්ඩ් හි පිහිටි විශේෂිත වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානයක් වන ‘මරාවිඩා සෙනියර් ලිවිං’ (Maravida Senior Living) හිදී මාක්ල් අත්අඩංගුවට ගෙන තිබේ.

පිලිපීනයේ සහ මෙක්සිකෝවේ මාක්ල්ට අයත් දේපළවලින් අසභ්‍ය දර්ශන තොගයක් සොයාගත් බවට සැක කරන අතර, ඉන්පසු FBI නියෝජිතයන් ඔහුගේ නිවසට කඩාවැදී ඇත.

පිලිපීනයේ සෙබු (Cebu) හි පිහිටි ඔහුගේ නිවසේ ළමා අසභ්‍ය ඡායාරූප රඳවාගෙන සිට ඇතැයි සැකකෙරෙන 82 හැවිරිදි මෙම පුද්ගලයා සම්බන්ධයෙන් පිලිපීන පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කිරීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.

මේගන්ගේ සොහොයුරා වන තෝමස් මාක්ල් ජූනියර් විසින් අසභ්‍ය දර්ශන අඩංගු පෙට්ටි කිහිපයක් සොයාගෙන ඒවා බලධාරීන්ට ලබා දී ඇති බව වාර්තා වේ.

මාක්ල් මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒවා අප්‍රසන්න බොරු ලෙස හදුන්වා දී ඇත.

ඩේලි මේල් පුවත්පත සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පිලිපීනයේදී ලිංගික කාර්යයන් සඳහා මුදල් ගෙවූ බව පිළිගත් නමුත්, කිසිදු බාලවයස්කාරයකු සමඟ සමීප සබඳතාවක් පවත්වා නැති බව පවසා තිබේ.