
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නැගෙනහිර කෙන්යාවේ වනාන්තරයක වළදමා තිබූ ළමයින් 190 දෙනකු ඇතුළු 500 කට ආසන්න පිරිසක් සාගින්නෙන් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වූ පෝල් මැකෙන්සි (Paul Mackenzie) නමැති නිකාය නායකයාට කෙන්යානු අධිකරණය විසින් සිකුරාදා වසර 200 ක සිරදඬුවමක් නියම කර තිබේ. මෙය නූතන ඉතිහාසයේ වාර්තා වූ ධාර්මික නිකායන්ට සම්බන්ධ මහා පරිමාණ ඝාතනයන්ගෙන් එකකි.
නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ඩයනා කවේඩ්සා (Diana Kavedza) සඳහන් කර ඇත්තේ, සාගින්නෙන් මරණයට පත්කිරීමේ නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් වසර 100 ක් සහ ඍජු මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් තවත් වසර 100 ක් වශයෙන් මෙම සිරදඬුවම ලබාදෙන බවයි.
පැමිණිල්ල ඉදිරිපත් කළ නීතිඥයන් පවසා ඇත්තේ, කෙන්යාවේ ඉන්දියන් සාගර වෙරළාසන්න වනාන්තරයක අන්තවාදී පල්ලියක් පවත්වාගෙන ගිය මැකෙන්සි, ලෝක විනාශයට පෙර ස්වර්ගයට යාම සඳහා තමන් සහ තම දරුවන් සාගින්නෙන් මියයා යුතු බවට අනුගාමිකයින්ට පවසා ඇති බවයි.
මැකෙන්සිගේ අණ පිළිපදින බවට තහවුරු කරගැනීම සඳහා ඔහුගේ සගයන් විසින් වින්දිතයින්ට තර්ජනය කර පහර දී ඇත. දැඩි ලෙස කෙට්ටු වී තිබූ මළසිරුරු වනාන්තරයේ තැනින් තැන අගාධයන්හි සහ වැසිකිළි වලවල් තුළ දමා තිබියදී හමු වූ අතර, ඇතැම් පිරිස් පණපිටින් වළදමා තිබූ බව ද අනාවරණය වී ඇත.
අළු පැහැති පෝලෝ කමිසයකින් සහ කළු පැහැති කලිසමකින් සැරසී සිටි මැකෙන්සි, අධිකරණ පරිශ්‍රයෙන් පිටත සවි කර තිබූ කූඩාරමක සිට විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී කිසිදු හැඟීමක් නොපෙන්වා තිබේ.
තම අනුගාමිකයන්ට සාගින්නෙන් මියයාමට බල නොකළ බව පවසමින් මැකෙන්සි මිනීමැරුම් චෝදනා ප්‍රතික්ෂේප කළ ද අධිකරණය ඔහුගේ විත්තියේ තර්ක ප්‍රතික්ෂේප කර ඇත.
පසුගිය මාසයේ පැවැති නඩු විභාගයේදී වරදකරුවන් වූ මැකෙන්සිගේ සගයන් 28 දෙනකුට ද වසර 10 සිට වසර 160 දක්වා වූ සිරදඬුවම් නියම වී තිබේ.
මැකෙන්සි ඇතුළු වරදකරුවන් වූ බොහෝ දෙනකු වෙනුවෙන් පෙනී සිටි විත්තියේ නීතිඥ ලෝරන්ස් ඔබොන්යෝ (Lawrence Obonyo) ප්‍රකාශ කර ඇත්තේ, තමන් මෙම තීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart