
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාලය හරහා ආසන වෙන්කිරීමේ ජාවාරමට සම්බන්ධ කණ්ඩායම් එම කටයුත්ත පද්ධතිය හරහා දිගටම ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව අනාවරණය කර තිබේ.
ප්‍රවාහන නියෝජ්‍ය ඇමැතිවරයා මීට පෙර අනාවරණය කර තිබුණේ තත්පර 42ක් වැනි කෙටි කාලයක් තුළ ජාවාරම්කරුවන් ටිකට්පත් සියල්ල වෙන්කරවා ගන්නා බවයි.
දුම්රිය දෙපාර්තමේන්තුව දැන් අනාවරණය කරන ආකාරයට එම කාලය තත්පර 30ක් දක්වා අඩුවී ඇති බවයි.
දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අනාවරණය කර ඇති ආකාරයට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ආසන සම්පූර්ණයෙන්ම වෙන්කරවාගෙන ඇති අතර, එම දුම්රියේම මහනුවර සිට නානුඔය දක්වා සියලුම ආසනද අද (19) වෙන්කරවාගෙන ඇති බවයි.
කොළඹ කොටුව සහ බදුල්ල අතර ධාවනය වන දුම්රියවල නිරීක්ෂණ මැදිරියේ ආසන ඇතුළුව මුළු ආසන 454 ක් ඇත.
මෙම ආසන ගමන් කරන දිශාවන් දෙකටම වෙන් කර ඇත.
මෙම දුම්රිය සඳහා ටිකට්පත් ජාවාරමට සම්බන්ධ කණ්ඩායම් විසින් අධික මිල ගණන් යටතේ නැවත අලෙවි කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ.
සෑම සති අන්තයකම ටිකට්පත් මාර්ගගතව නිකුත් කරනු ලබන බවත්, සියලුම ටිකට්පත් ක්ෂණිකව මිලදී ගෙන පසුව රුපියල් 2,000 ක් වටිනා ටිකට් පතක් විදේශිකයන්ට රුපියල් 16,000 ක් වැනි මුදලකට අලෙවි කරන කණ්ඩායම් පිළිබඳ වාර්තා පවතින බවත් දෙපාර්තමේන්තුව පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart