
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගී තත්ත්වයේ බරපතළකම පෙන්නුම් කරමින්, ඩෙංගු වෛරසය ආසාදනය වීමෙන් ගැබිනි මවක් සහ ඇගේ මාස හතක් වයසැති නූපන් දරුවා ජීවිතක්ෂයට පත්ව තිබේ.
වාද්දූව ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම කාන්තාව තදබල ලෙස රෝගාතුර වීමෙන් පසු රෝහල්ගත කර ඇති අතර, පසුව දැඩි සත්කාර ඒකකය වෙත මාරු කර යවා ඇත.
වෛද්‍යවරුන් දැරූ දැඩි උත්සාහය හමුවේ වුවද මවගේ සහ දරුවාගේ ජීවිත බේරා ගැනීමට නොහැකි වී තිබේ.
නිල දත්තවලට අනුව 2026 වසරේ මේ දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 86,386ක් වාර්තා වී ඇති අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 62කි.
ජූලි මාසයේදී පමණක් රෝගීන් 30,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, අගෝස්තු මාසයේ ගතවූ මුල් දින කිහිපය තුළදී ද රෝගීන් 1,000කට වැඩි පිරිසක් වාර්තා වී ඇත.
සමස්ත ආසාදිතයන්ගෙන් අඩකට වඩා වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි.
එහිදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් 18,321ක් සහ කොළඹින් 17,101ක් ලෙස වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වේ.
දකුණු පළාතෙන් රෝගීන් 12,969ක් සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 7,567ක් වාර්තා වී තිබේ.
තද වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත් පවතින බැවින්, මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමටත්, ඩෙංගු රෝග ලක්ෂණ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවීමටත් සෞඛ්‍ය බලධාරීහු මහජනතාවගෙන් ඉල්ලා සිටිති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart