
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු බව පවසමින් ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය පවසයි.
අද (03) මල්වතු මහා විහාරයේදී එම පාර්ශවයේ මහා නායක හිමිපාණන් වහන්සේ හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව අනාවරණ කළේය.
මල්වතු, අස්ගිරි, රාමඤ්ඤ සහ අමරපුර යන මහා නිකායන්හි මහා නායක හිමිවරුන් එක්ව මෙම යෝජිත ව්‍යවස්ථා සංශෝධනයට තමන් වහන්සේලාගේ විරෝධය පළ කරමින් ජනාධිපතිවරයා වෙත මෙලෙස ලිඛිතව දැනුම් දී ඇති බව මල්වතු මහා නාහිමියන් තමන් වෙත ප්‍රකාශ කළ බව අමරසූරිය සඳහන් කළේය.
මෙම සංශෝධනය ඉදිරියට ගෙනයෑමට වත්මන් රජයට කිසිදු නීතිමය හෝ මූලධර්මාත්මක අයිතියක් නොමැති බව පෙන්වා දුන් ඔහු, උන්වහන්සේලාගේ මෙම තීරණය ඉතා පැහැදිලි සංඥාවක් බවද වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart