
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රජයේ කිසිදු සහනාධාරයක් නොලැබෙන දෘශ්‍යාබාධිතයන් 200 දෙනකුට අධික පිරිසක් රට පුරා සිටින බව ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත සුබසාධක සංගමයේ සභාපති ඩබ්ලිව්. එස්. චාර්ලස් පවසා ඇත.
මෑතකාලීනව රජය මගින් හඳුන්වාදුන් අස්වැසුම පුබසාධක ජෝරමයට හෝ මෙම පිරිස ඇතුළත් කරගෙන නොමැති බවද ඔහු පෙන්වාදෙයි.
පසුගිය ආණ්ඩු මගින් විවිධ සහනාධාර ක්‍රම හරහා දෘශ්‍යාබාධිතයන්ට යම් යම් ප්රතිලාභ ලබාදුන් නමුත් මෑතක සිට කිසිදු සහනාධාර ක්‍රමයක් දෘශ්‍යාබාධිතයන් වෙනුවෙන් ලබා දී නොමැති අතර, මේ පිළිබඳව බලධාරීන් දැනුවත් කළද කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව ද ඔහු පවසයි.
ලබන 15 වැනිදාට යෙදෙන අන්තර්ජාති සුදු සැරයැටි දිනය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින්, කිසිදු ආදායම් මාර්ගයක් නොමැති දෘශ්‍යාබාධිතයන් විශාල පිරිසක් මේ වන විට සිඟමන් යැදීමට යොමු වී ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත සදහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart