August 6, 2026

අධිකරණයේ විභාග වන නඩුවලට පෙනීනොසිටීම නිසා වරෙන්තු නිකුත් කර ඇති හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මෙරටට ගෙන්වා ගැනීමට ඇමෙරිකාවේ අධිකරණයේ සහාය පතන බව මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල ‘දිවයින’ පුවත්පතට පවසා තිබේ.

මේ සඳහා අන්තර්ජාතික පොලිසියේ සහාය පතා ඇමෙරිකා අධිකරණයේ සහාය පතන බවද හෙතෙම සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවට අවශ්‍ය සැකකරුවකු වේ නම් කවර රටක වුවද එහි පුරවැසියකු මෙරටට ගෙන්වා ගැනීමට එරට අධිකරණයේ සහාය ලබාගත යුතුව ඇතැයි ඇමැතිවරයා පෙන්වාදී තිබේ.