
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී පාද–හැටන් මාර්ගයේ නායයෑමට ලක් වූ මහගිරිදඹ ප්‍රදේශයේ පඩිපෙළ සහ ආරක්ෂිත පැතිබැම්ම යුදහමුදා භටපිරිස් විසින් මේ වන විට කඩිනමින් ප්‍රතිසංස්කරණය කටයුතු සිදුකරමින් පවතී.
ශ්‍රී පාද මාර්ගයේ මහගිරිදඹ ප්‍රදේශයේ වන්දනාකරුවන් විසින් පරිසරයට මුදාහැර තිබූ අපද්‍රව්‍ය මත වැඩී ආ ආක්‍රමණශීලි ශාක වර්ගයක් වර්ධනය වී ඇත.
පසුගියදා පැවති වර්ෂාව නිසා එම ශාක පඳුරු අපද්‍රව්‍ය සමග පහළට කඩාගෙන විත් ශ්‍රී පාද මාර්ගයේ ආරක්ෂිත වැටේ ගැටීම නිසා එම වැටට හානි සිදු වී තිබිණි.
එම ප්‍රදේශයේ නායයෑම් සම්බන්ධයෙන් ජාතික ගොඩනැඟිලි පර්යේෂණායතනය විසින් එම ස්ථානයට ගොස් ස්ථාන පරීක්ෂාවක් සිදුකර ලබාදුන් නිර්දේශ අනුව යුදහමුදා භට පිරිස් විසින් නායයෑමට ලක් වූ එම ස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකෙරේ.
එම මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් අදියරේ පවතින බවත්, එම කටයුතු අවසන් වීමෙන් පසු එම මාර්ගය ඔස්සේ කිසිදු අපහසුතාවකින් තොරව ශ්‍රී පාදය කරුණාකිරීමට වන්දනාකරුවන්ට අවස්ථාව හිමිවන බව ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියෝ පවසති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart