
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෑතකදී අනාවරණය වූ ශල්‍ය උපකරණ වංචා සිද්ධියෙන් පසු අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ඖෂධ හිඟය හමුවේ ස්නායු සැත්කම් සිදු කිරීමට වෛද්‍ය නිලධාරීන් අතර අකමැත්තක් වර්ධනය වී ඇති බව දැනගන්නට ලැබේ.
නියමිත සැත්කම් කල් දැමීමට හෝ අවලංගු කිරීමට නිල නියෝගයක් නිකුත් කර නොමැති වුවද, අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් සීමිත ලෙස ලබා ගැනීම සම්බන්ධ අවදානම් පිළිබඳ වෛද්‍ය නිලධාරීන් වැඩි වැඩියෙන් සැළකිලිමත් වේ.
කොළඹ ප්රමුඛ රෝහලක මූල්‍ය වංචාවක් පිළිබඳ වාර්තා වීමෙන් පසු ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් මෙම තත්ත්වය තවදුරටත් තීව්ර වී ඇත.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ “වෛද්‍යවරුන් සැත්කම් කිරීම ප්‍රතික්ෂේප කරනවා නෙවෙයි , ඔවුන්ට කරන්න විදිහක් නැහැ. ප්‍රතිජීවක සහ උපකරණ වැනි ඖෂධ හිඟයක් පවතින බැවින් වෛද්‍යවරුන් අතර යම් අකමැත්තක් පවතිනවා”යනුවෙනි.
වෛද්‍ය විජේසිංහ අවධාරණය කළේ වෛද්‍ය නිලධාරීන් රෝගී සත්කාර සඳහා කැපවී සිටියද, වත්මන් හිඟය සැළකිව යුතු අවදානම් ඇති කළ බවයි.
විශේෂයෙන් ස්නායු ශල්‍යකර්ම ක්‍රියාපටිපාටි සිදු කිරීමේදී දරාගත නොහැකි ප්‍රමාද සළකා බලා මාස ගණනක් ගත විය හැකි දිගු සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලීන් මඟ හරිමින්, හදිසි අවශ්‍ය ඖෂධ සෘජුවම මිලදී ගැනීමට රට පුරා රෝහල්වලට අවසර දී තිබේ.
“මෙය 2023 දී අපට ඇති වූ අර්බුදයක්, අපි යම් දියුණුවක් දුටුවත් අපි නැවතත් එම දිශාවට ගමන් කරමින් ඉන්නේ. අපි තත්වය කළමනාකරණය කරමින් සිටින බැවින් එය තවමත් අර්බුදයක් වෙලා නැහැ, නමුත් එය තවත් නරක අතට හැරෙන බවටඅපට පෙනෙනවා,” ඔහු අනතුරු ඇඟවීය.
අඛණ්ඩ සාකච්ඡා සහ අමාත්‍යාංශයේ යම් යම් උත්සාහයන් තිබියදීත්, අර්බුදය විසඳීම සඳහා උපාය මාර්ග ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමේදී පවතින අඩුපාඩු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විවේචනය කළ ඔහු, ගුණාත්මක හා ප්‍රමාණාත්මක ප්‍රසම්පාදන ගැටළු කළමනාකරණය කිරීම සඳහා පැහැදිලි යාන්ත්‍රණයක් හෝ මාර්ගෝපදේශක අවශ්‍යතාව අවධාරණය කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ ඖෂධ සහ උපකරණවල ඇතැම් හිඟයන් පවතින බව පිළිගත්තේය.
කෙසේවෙතත්, ස්ථාවර සැපයුමක් සහතික කිරීම අරමුණු කරගත් රජයෙන් රජයට (G2G) ප්‍රසම්පාදන ගිවිසුම් සඳහා අඛණ්ඩ සාකච්ඡා පැවැත්වෙන බව ඔහු ඉස්මතු කළේය.
මෙම ගිවිසුම් ලබන වසරට පෙර අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.
“විශේෂයෙන්ම පෙර සිදුවීම් හේතුවෙන්, දේශීය මිලදී ගැනීම් සම්බන්ධයෙන් අපට ගැටළු තිබෙනවා. කෙසේවෙතත්, එහි බරපතළ ගැටළුවක් නැහැ,” වෛද්‍ය ජාසිංහ තවදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart