
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව නැවත සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවට උපදෙස් දීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රකාශ කළේය.
අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
1979 අංක 48 දරන දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත වෙනුවට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත හඳුන්වාදීමට 2023.02.27 දින පැවති කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී අනුමැතිය ලබාදී ඇත.
එකී කෙටුම්පත් පනත් කෙටුම්පතේ සඳහන් ඇතැම් වගන්ති පිළිබඳව විරෝධය පළකළ පාර්ශ්ව රැසක් ඉදිරිපත් කර ඇති අදහස් සැළකිල්ලට ගනිමින් එම කෙටුම්පත සඳහා අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව, පසුගිය සඳුදා(අගෝස්තු 28) පැවැති රැස්වීමේදී, කැබිනට් මණ්ඩලය විසින් දැනටමත් සකස්කර ඇති කෙටුම්පතට ඉහත පරිදි පිළිගත් සංශෝධන ඇතුළත් කර ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත නැවත සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකයාට උපදෙස් දීමට ඉදිරිපත් කළ ඇමතිවරයාගේ යෝජනාවට එකඟ වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart