
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඕස්ට්‍රේලියාවේ ඉවුම් පිහුම් තරගයක් වන ‘MasterChef Australia’ හිදී ශ්‍රී ලාංකේය දෙමළ නිවසක ආහාර වේලක් සකසමින් පර්ත්හි වෙසෙන Darrsh Clarke සිය ශ්‍රී ලාංකේය උරුමය ලෝකය හමුවට ගෙනයෑමට සමත්ව තිබේ.
තරඟයට සහභාගී වූ දා සිට, ප්‍රථම වතාවට, බාස්මතී සහල් සහ යෝගට් රයිටා සමඟ බටු/වම්බටු ව්‍යංජනයක් පිරිනැමීමෙන් Darrsh ඔහුගේ ශ්‍රී ලාංකීය උරුමය ප්‍රදර්ශනය කළේය.
ඔහු මීට පෙර කිසි දිනෙක ශ්‍රී ලංකා ආහාර ඉදිරිපත් නොකළේ මන්දැයි විනිසුරුවරුන් විසින් විමසූ විට, දර්ශ් හෙළි කළේ හැදී වැඩෙන විට ඔහු තමාගේ ශ්‍රී ලාංකේය උරුමය ප්‍රතික්ෂේප කළ බවයි.
ඔහුව දිරිගන්වමින් විනිසුරු Poh Ling Yeow පැවසුවේ MasterChef Australia යනු බොහෝ දෙනෙකුට පෞද්ගලිකව අත්විඳින ලද ඔවුන්ගේ උරුමය නැවත ලබාගැනීමට උපකාර වන විස්මිත තෑග්ගක් බවයි.
ඕස්ට්‍රේලියානු මාධ්‍යවලට අනුව, ඩාර්ෂ්ගේ ඉවුම් පිහුම් විලාසයට ඉන්දියානු අවන්හලක සූපවේදියකු වූ ඔහුගේ නැසීගිය පියාගේ සහ අහාර සැකසීමට කැමැත්තක් ඇති ඔහුගේ ශ්‍රී ලාංකික ආච්චිගේ ආභාසය ඔහු දැඩි ලෙස බලපා ඇත.
ශ්‍රී ලාංකේය ආහාර අන්තර්ජාතික තලයට ගෙන යමින් ‘MasterChef Australia’ හි මෙම වාරයට සහභාගී වූ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දෙවැනි පුද්ගලයා ඔහු වේ.
මීට පෙර ශ්‍රී ලාංකික සම්භවයක් ඇති සවින්ද්‍රි පෙරේරා ඕස්ට්‍රේලියානු ඉවුම් පිහුම් තරගයේදී ශ්‍රී ලාංකේය සම්ප්‍රදායික ආහාරයක් වන ‘කිරිබත්’ ඉදිරිපත් කළේ විනිසුරුවන්ගේ පැසසුමට ලක්වෙමිනි.
This is what #MasterChefAU is all about ❤️ pic.twitter.com/N5NQtC0Lmz
— MasterChef Australia (@masterchefau) May 5, 2024


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart